• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපිම අපේ පරිභෝජනය සඳහා කහ නිෂ්පාදනය කළ යුතුයි – ඇමැති ජොන්ස්ටන්

7 September 2020
in දේශීය

දේශීය පරිභෝජනය සදහා අවශ්‍ය කහ අප විසින් නිෂ්පාදනය කල යුතු බවත් ඒ සදහා ස්ථාවර මිලක් ලබා දිය යුතු බවත් කෘෂි කාර්මික අංශයේ සියළුම නිලධාරින් වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ අද (07) දින කුරුණෑගල මහනාන්නේරිය ගම්මානයේ ගම්වාසීන් සමග ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතාවයන් පිළිබදව සොයා බැලීමට ගොස් ඔවුන් සමග සුහද කථාබහකට එක්වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” බඩඉරිගු වැනි දේශිය බෝග රට තුල වගාව රට තුල ව්‍යාප්ත කිරිම මගීන් තිරිඟු පිටි ආනයනය සදහා වැය කරන මුදල් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. විදේශ රටවලින් ආනයනය කරන කෘෂි නිෂ්පාදන සදහා සීමා පනවා දේශීය ගොවියාගේ නිෂ්පාදන සදහා නිෂ්චිත මිලක් ලබා දීමට මේ වන විටත් පියවරගෙන ඇත. අපි මේ සීමාවන් පනවන්නේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරිම සදහා දේශිය ගොවියන් දිරිමත් කර ඔවුන්ව ආරක්ෂා කිරීමටයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය ඇති රට බවට අපිට පත්වන්න පුළුවන් බව මාගේ විශ්වාසයයි. 2015ට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේ සහල්, කුකුල් මස්, බිත්තර වැනි දෑ මෙරටට ආනයනය සීමා කලා. නමුත් පසුගිය යහපාලන සමයේ මේ සියල්ල පාලනයකින් තොරව ආනයනය කලා. එම නිසා දේශිය කර්මාන්තකරුවන් අධෛර්යමත් වුණා. මේ වන විට අප රට තුල කහ සදහා ඉහල ඉල්ලුමක් ඇති වී තිබෙනවා. අද වෙළදපොළේ කහ කිලෝග්‍රෑමයක් රු. 4000ත් 5000ත් අතර අධික මිලකට අලෙවි වෙනවා. දේශීය පරිභෝජනය සදහා අවශ්‍ය කහ අප විසින් නිෂ්පාදනය කල යුතු බවත් ඒ සදහා ස්ථාවර මිලක් ලබා දිය යුතු බවත් කෘෂි කාර්මික අංශයේ සියළුම නිලධාරින් වෙත අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් දී තිබෙනවා. සමහරු අපෙන් ප්‍රශ්න කරනවා දේශීය වෙළදපොලේ හිඟ නිෂ්පාදනයන් ආනයනය කර වෙළදපොළට මුදා නොහරින්නේ ඇයි කියලා. අපි ඔවුන්ට ඒ සදහා ඉඩ ලබා දුන්නොත් ඔවුන් විශාල පරිමානයෙන් ඒවා ආනයනය කර ගබඩා කර තබා අපගේ අස්වැන්න නෙලන කාලතුලදී වෙළදපොලට ඒවා මුදා හැර දේශිය ෂි කර්මාන්තය අඩපන කරනවා. ඒ වගේම දේශිය ගොවියා අධෛර්මත් කරන්න අතරමැදි වෙළෙන්දන් ඒ මගීන් උත්සහ කරනවා. මේ වන විට රාජ්‍ය හා වාණිජ බැංකු වල පොලී අනුපාතයන් අඩු කර එමගීන් ජනතාවට සහන රැසක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. බැංකු පොලී අනුපාත වලින් ජීවත් වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සහන වැඩපිළිවෙලක් නිර්මාණය කිරිමට අප රජය බලාපොරොත්තු වෙනවා ” යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

 

 

 

 

දිලිනි සමන්මලි 

 

 

Post Views: 16
Previous Post

ඇමැතිනි පවිත්‍රා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

Next Post

සාක්ෂරතා සංවර්ධනයට නව මානයන් සොයා යමු යැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් කියයි

editor

editor

Next Post

සාක්ෂරතා සංවර්ධනයට නව මානයන් සොයා යමු යැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved