• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ස්වෛරීභාවය සුරැකෙන නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතුයි – රජය

22 January 2021
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකෙන නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළයුතු බව රජය පවසයි. ඒ අනුව මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශණය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශණය, පරීක්ෂණය සහ වාර්තා කිරිම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.

අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (21) ප්‍රකාශයට පත් කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා පරීක්ෂණ කොමිෂමේ සභාපති ධූරයට නම් කරනු ලැබ සිටී. විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

කොමිෂමට පැවරී ඇති කාර්යයන් මෙසේය :

මානව හිමිකම් උල්ලංඝණය කිරීම් විමර්ශණය පිණිස කලින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, බරපතල ගණයේ අන්තර්ජාතික මානූෂීය නීති කඩ කිරීම් සහ වෙනත් එවැනි බරපතල වැරදි අනාවරණය කරගෙන තිබේදැයි සොයා බැලීම.

එකී පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් අනාවරණය කරගත් මානව හිමිකම් සහ මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධ තොරතුරු කවරේදැයි හඳුනා ගැනීම සහ ඒ මත පදනම්ව ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කොට තිබේදැයි සොයා බැලීම.

එකී නිර්දේශ අරභයා පවත්නා නීතිය ප්‍රකාරව මෙතෙක් ක්‍රියාකර ඇති ආකාරය හා වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ගතයුතු පියවර නිශ්චය කිරීම.

පළමුවැනි සහ දෙවැනි ඡේදවලට අනුකූලව අවශ්‍ය පියවර ගනිමින් තිබේදැයි අධීක්ෂණය.

අවශ්‍ය විමර්ශණ සහ පරීක්ෂණ කිරීමටත් අවශ්‍ය පරිදි ජනාධිපතිතුමා වෙත අතුරු වාර්තා ඉදිරිපත් කිරීමටත් කොමිෂමට බලය ඇත. එමෙන්ම කොමිෂම දැනුම් දෙන විට අවශ්‍ය සහය සහ තොරතුරු සැපයීමට රාජ්‍ය අංශයේ අදාළ සියලු නිලධාරීනට නියම කරනු ලැබේ.

අවසන් වාර්තාව කොමිෂම පත් කළ දින සිට මාස 06ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

පරීක්ෂණ කොමිෂම පත් කිරීමේ පසුබිම ගැසට් නිවේදනයේ පැහැදිලි කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 ඔක්තෝබර් මස සම්මත කළ “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය” පිළිබඳ 30/1 යෝජනාවට සහ ඒ හා බැඳුණු 34/1 සහ 40/1 යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්විමෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බව මානව හිමිකම් කවුන්සලයේ 43 වන සැසිවාරයේ දී නිවේදනය කෙරිණ.

එසේ වුවද තිරසාර සාමය සහ සංහිඳියාව දිනාගනු වස් වගවීම සහ මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන් සහ එහි නියෝජිතායතන සමග සහයෝගයෙන් වැඩ කිරීම රජයේ ප්‍රතිපත්තිය වන්නේය. විසඳීමට ඇති සෙසු ගැටළු සඳහා ප්‍රජාතාන්ත්‍රික සහ නීතිමය ක්‍රියාවලිය තුළ විසඳුම් දීමටත් අවශ්‍ය පරිදි ආයතනික සංශෝධන කරමින් යුක්තිය හා සංහිඳියාව තහවුරු කිරීමටත් රජය කැපවී සිටී.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකෙන නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළයුතු බව රජය පිළිගනී.

සිදු වී ඇතැයි කියන මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝණය කිරීම් ගැන විමර්ශණයට දැනටමත් කොමිෂන් සභා සහ කමිටු පත් කරන ලදුව නිර්දේශ ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශණ සහ පරීක්ෂණ සිදු කොට ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කරනු වස් ත්‍රි පුද්ගල කොමිෂම ස්ථාපනය කර තිබේ.

Post Views: 9
Previous Post

දෘශ්‍යාබාධයෙකු නිසා වගකිවයුතු ආයතනයක වැඩ හරහාට – ජනපතිගේ අවධානයට

Next Post

ප්‍රවීණ මාධ්‍යවේදීන් ආචාර්ය එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

editor

editor

Next Post

ප්‍රවීණ මාධ්‍යවේදීන් ආචාර්ය එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමරිකානු වීසා ක්‍රමය  චීන ඔත්තුකරුවන්ට රතු පලස් එලනවා කොන්ග්‍රස් මණ්ඩලයේදී චෝදනා

ඇමරිකානු වීසා ක්‍රමය චීන ඔත්තුකරුවන්ට රතු පලස් එලනවා කොන්ග්‍රස් මණ්ඩලයේදී චෝදනා

23 April 2026
චීනයේ සැබෑ පරිගණක බලය  ඇස්තමේන්තුවලට වඩා  6,000 ගුණයකින් වැඩි බවට හෙළිදරව්වක්

චීනයේ සැබෑ පරිගණක බලය ඇස්තමේන්තුවලට වඩා 6,000 ගුණයකින් වැඩි බවට හෙළිදරව්වක්

23 April 2026
ඉරාන යුද වාතාවරණය හමුවේ  යුරෝපීය ප්‍රවාහන හා  සැපයුම් ක්ෂේත්‍රයේ  ලාභාංශ ඉහළට

ඉරාන යුද වාතාවරණය හමුවේ යුරෝපීය ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයේ ලාභාංශ ඉහළට

23 April 2026
Alibaba සමාගම  Qwen AI ඇප් එක  China Eastern Airlines සමඟ  සම්බන්ධ කරයි

Alibaba සමාගම Qwen AI ඇප් එක China Eastern Airlines සමඟ සම්බන්ධ කරයි

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකානු වීසා ක්‍රමය  චීන ඔත්තුකරුවන්ට රතු පලස් එලනවා කොන්ග්‍රස් මණ්ඩලයේදී චෝදනා

ඇමරිකානු වීසා ක්‍රමය චීන ඔත්තුකරුවන්ට රතු පලස් එලනවා කොන්ග්‍රස් මණ්ඩලයේදී චෝදනා

23 April 2026
චීනයේ සැබෑ පරිගණක බලය  ඇස්තමේන්තුවලට වඩා  6,000 ගුණයකින් වැඩි බවට හෙළිදරව්වක්

චීනයේ සැබෑ පරිගණක බලය ඇස්තමේන්තුවලට වඩා 6,000 ගුණයකින් වැඩි බවට හෙළිදරව්වක්

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved