• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලි ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් අවශ්‍යයි – මන්ත්‍රී දුමින්ද දිසානායක ‍

24 July 2023
in දේශීය

පක්ෂ වලට බැනලා, නායකයොන්ට අපි කොච්චර බැන්නත් අපිට ලැබෙන දෙයක් නෑ, ඒ නිසා බැණ- බැණ හිටියට ප්‍රථිඵලයක් නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය තම්මැන්නාව කොහොඹගස්වැටිය වැව ප්‍රථිසංස්කරණ කටයුතු සහභාගීත්වයෙන් සිදු කෙරිණු අවස්ථාවට එක්වෙමිනි.

දීර්ඝ කාළයකින් ප්‍රථිසංස්කරණය නොකෙරුණු කොහොඹගැස්වැටිය වැවෙහි ඇළ වේළි පද්ධතිය ප්‍රථිසංස්කරණය කිරීම වෙනුවෙන් දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්ගේ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම අමාත්‍යංශයේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රථිපාදන වෙන් කර මෙම ඇළ වේලී පද්ධතිය ප්‍රථිසංස්කරණය කෙරේ.

කොහොඹගස්වැටිය වැව නිරීක්ෂණය කළ දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් ගොවි සංවිධාන නියෝජිතයින් සමඟද එහිදී වැවේ ප්‍රථිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබීය.

අනතුරුව ගොවි සංවිධාන නියෝජිතයින් සමඟ රැස්වීමක්ද පෑවත්වුණ අතර,

එහිදී ගොවින් දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්ගෙන් ඉල්ලා සිටියේ තම ගම්මානයට පිවිසෙන පිවිසුම් මාර්ගය ප්‍රථිසංස්කරණය කර දෙන ලෙස මෙන්ම, තම ගම්මානයට පවතින වන අලි තර්ජනයෙන් ගම්මානය මුදවා දෙන ලෙසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා, “ මේ කාලය තුළ විශාල මුදල් අර්බුධයක අපි ඉන්නේ, අපිට විදුලිය නැතිව හිටියා, ගෑස් නැතිව හිටියා, මේ වගේ වෙලාවක පාරවල් හදන්න මුදල් දැන්ම නෑ, හැබැයි අපි මේ රට නැගිට්ටවා ගත්තොත්, රට වෙනදා තිබුණ තැනට ගෙන ගියොත් අපිට ගමේ පාර හදාගන්න, පුලුවන්කම තියෙනවා.හැබැයි දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා බොහෝම අමාරුවෙන් මිරිකිලා ඉන්න. වගාවන් ගැන කථා කළාමත් වන අලින්ගෙන් හානි, වඳුරන්ගෙන් හානි, දඩු ලේනුන්ගෙන් හානි සිදු වෙනවා.රටම අලි සම්පත ගැන කථා කරනවා, හැබැයි අපිට ඒක සම්පතකට වඩා අපිට දැන් කරදරයක් වෙලා තියෙනවා.ඇවිත් බලන්න අපේ ජනතාව විඳින දුක, වන අලින්ට ඇයි අපි විරුද්ධ වෙන්නේ කියලා.අපි තමයි වැඩියෙන්ම සත්තු එක්ක ඉන්නේ.මේ ප්‍රශ්න මැද්දේ හරි අපි ගොවිතැන් කරන්න ඔ්නකම තියෙනවා.එහෙම වුණොත් තමයි රටේ සියලු දෙනාටම ආහාර ලැබෙන්නේ. අලි සම්පත අපිට කරදරයක් වුණත්, අනෙක් සතුන්ගෙන් අපිට හානි සිදු වුණත් මේවාට විසඳුම් අපිම හොයාගෙන ආණ්ඩුවේ සහයෝගයත් අරගෙන, වගාවන් සාර්ථකව කලොත් තමයි අපිට අපේ රට තිබුණ තැනට ගේන්න පුලුවන්කම තියෙන්නේ. අපි ආණ්ඩුවෙන් උදව් ගමු, කෘෂිකර්ම අමාත්‍යංශයෙන් දෙන දෙයක් ගමු, හැබැයි දෙන දේ මතම බලාගෙන ඉන්නේ නැතිව අපි ඒවා හරියට භාවිතා කරන්නත් ඔ්න, ඒවායේ ප්‍රථිඵල අපි රටට ලබා ගන්න ඔ්නකම තියෙනවා.ආණ්ඩුවෙන් මොනවා හරි දෙයක් දෙනවා නම් අපි ඒ දේ කොහොම හරි ගන්න උත්සහ කරනවා මිසක් ඒවා හරියට භාවිතා කරන්න උත්සහ කරන්නේ නෑ.මේ සියල්ල ගැන අපි අලුතින්, වෙනස්ව හිතන්න ඔ්නකම තියෙනවා.අපි හැමෝම දැන් අමාරුවෙන් ඉන්නේ, ඒ අමාරුව වෙනසක් කරන , වෙනස ඇති කරන ඒකේ කොටස්කරුවෙක් බවට පත් වුණොත් අපිට මේ රට හදන්න පුලුවන්.රට පැත්තකින් තිබ්බත් අපේ දරුවෝ වෙනුවෙන් මේ දේ කරන්න පුලුවන්, අපිට අතට යමක් හම්බුණොත්, ලැබෙන ගාන වැඩි කර ගත්තොත් තමයි අපේ දරුවන්ට අපිට මොකක් හරි වැඩියෙන්, පහසුකමක්, සහයෝගයක් අපිට දෙන්න පුලුවන්කම ලැබෙන්නේ.ඒ නිසා පක්ෂ වලට බැනලා, නායකයොන්ට අපි කොච්චර බැන්නත් අපිට ලැබෙන දෙයක් නෑ, ඒ නිසා බැණ- බැණ හිටියට ප්‍රථිඵලයක් නෑ, හැබැයි අපි හැමෝම මේකේ කොටස්කාරයෙක්- පංගුකරයෙක් වුණොත් එහෙම අපිට පුලුවන්කම තියෙනවා ඉන්න තැනින් වෙනදාට වඩා හොඳ තැනකට යන්න, ඒ වෙනුවෙන් තමයි අපි හැමෝම එකා වගේ අත්වැල් බැඳ ගන්න ඔ්නකම තියෙන්නේ. මේ ගම්මානයන්ට තියෙන වන අලි ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් දෙන්න අපි උත්සහ කරනවා, ඔබතුමන්ලා කියනවා අලි වෙඩි දුන්නට වැඩකුත් නෑ, මේ අලි එළෙව්වට, කෑ ගැහුවට යන්නෙත් නෑ, අලි වැට තිබුණත්, අලි ඒවත් පෙරලනවා, ඒ නිසා මේ අලි ප්‍රශ්නයටත් ස්ථිරසාර විසඳුමක් අපි හොයන්න ඔ්නකම තියෙනවා.ඒ ස්ථිරසාර විසඳුම හොයන කොට ඒක එච්චර ලේසී නෑ, අපි විතරක් නෙමෙයි ඉන්නේ, සත්තුන්ට ආදරය කරන, සත්තුන්ගේ අයිතිවාසිකම් ගැන කියන අය ඉන්නවා, මේ සියල්ලොත් එක්කම එකට එකතු වෙලා තමයි අපි මේකට විසඳුම් හොයන වැඩේ කරන්න ඔ්න, අපි තිරප්පනය ප්‍රදේශයේ අලි වැට කීපයක් ගැහුවා, ඒවා සාර්ථක වෙලා තිබෙනවා.අපි සත්තු ගැනත් හිතලා, ගමේ අයගේ ජීවිත ආරක්ෂාව වගේම වගාවන්ගේ ආරක්ෂාව ගැනත් හිතලා ඉදිරියේදී මේවාට සාර්ථක විසඳුම් හොයන්න පුලුවන්කම තියෙනවා.දැන් විසඳුම් හොයන්නේ නැතිව ඉන්නවා නෙමෙයි හොයනවා, නමුත් තියෙන මුදල් එක්ක හැමතැනටම එක ව‌ගේ, එකම වෙලාවේදී සංවර්ධනය අපිට කරන්න බැරි කම තියෙනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ධනුෂ්ක කුමාර සෙනවිරත්න මහතා ඇතුළු ග‌ොවි සංවිධාන නියෝජිතයින් හා ගොවි ගෙවිලියන් රැසක් එක්ව සිටියහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 6
Previous Post

සමුපකාරය වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ආරාධනාවක්

Next Post

මාතලේ දි පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

මාතලේ දි පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved