• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපට අවශ්‍ය ආයෝජන මිස ණය නෙමෙයි – ජනපති නව චීන තානාපතිට කියයි

19 November 2020
in දේශීය

ශ්‍රී ලංකාව සිය සංවර්ධන ප්‍රයත්නයේ දී තවදුරටත් විදේශ ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන ආකර්ශණය කර ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවට පත් කරනු ලැබ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ක්වි සෙන්හොං මහතා (Qi Zhenhong)අද (19) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා වෙත වෙත සිය අක්ත පත්‍රය පිළිගැන් වු අවස්ථාවේදිය.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගු කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ස්ථීර සාර සහයෝගීතාව සහ මිත්‍රත්වය ගැන සතුට පළ කළේය.

විශේෂයෙන් බෙදුම්වාදයට එරෙහි සටන ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය බොහෝ සෙයින් උදව් කල බව ද ජනාධීපතිවරයා සිහිපත් කලේය.

චීනයේ සහය ඇතිව ආරම්භ කළ ව්‍යාපෘති ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභතාවක් සහිත බවත් තමාගේ අපේක්ෂාව ධූර කාලය අවසන් වීමට පෙර මේ යෝජනා ක්‍රමවල උපරිම ඵල නෙළා ගැනීම බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාව සිය සංවර්ධන ප්‍රයත්නයේ දී තවදුරටත් විදේශ ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන ආකර්ශණය කර ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති බව ජනාධිපතිවරයා පැවසිය.

අප රටේ පුළුල් ආයෝජන ඉඩ ප්‍රස්ථා තිබෙන බවත් කෘෂි කාර්මික ක්ෂේත්‍රය, සන්නිවේදන තාක්ෂණය, අධ්‍යාපනය ඒ අතර විශේෂ බව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණ කළෙය.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 30%ක පමණ දෙනාගේ ජීවනෝපාය පදනම්ව ඇත්තේ ග්‍රාමීය කෘෂිකර්මය මත බව ද ගත වූ දශක දෙක තුන ඇතුළත චීනය අත්කරගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇති කොට ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මගේ ප්‍රධාන ඉලක්කයක්. ඒ සඳහා අපට සහය වන්න ලෙස ජනාධිපති රාජපක්ෂ මහතා නව චීන තානාපතිවරයාට පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට හැකි උපරිම දායකත්වය දීමට තම රජය සූදානම් යැයි තානාපති ක්වි සෙන්හොං මහතා ඊට ප්‍රතිචාර ලෙස සඳහන් කළේය.

 

ජනාධිපති ෂි ජින් පිං මහතාගේ සුභාශිංසන රාජපක්ෂ මහතා වෙත පුද කළ තානාපතිවරයා දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය තවත් වර්ධනය කර ගනිමින් සංවර්ධන සහ උපායමාර්ගික සහෝගීතාව ශක්තිමත් කිරීම සිය අරමුණ බව කීය.

“ඔබතුමා ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත් කළා. ජනතාවගේ ජීවන මට්ටම වැඩිදියුණු කරමින් ආර්ථික වර්ධනයේ මාවතට රට යොමු කළා. කොවිඩ් 19 උවදුර පැමිණි විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව එක්ව ඊට මුහුණ දුන් සැටි අප දුටුවා” නව තානාපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාව සෞභාග්‍යවත් දේශයක් ලෙස නැගී සිටිනු දැකීම චීනයේ අභිලාෂය බව ද ඔහු සඳහන් කළේය.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී හූ වේයි (Hu Wei) සහ දේශපාලන අංශයේ ප්‍රධානී ලුඕ චොං (Luo Chong) යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 20
Previous Post

ජනතාවාදී අය වැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

Next Post

බස්නාහිර හැර තෙවන පාසල් වාරය ලබන 23 වනදා ආරම්භ වේ – අධ්‍යාපන අමාත්‍ය ජී.එල්

editor

editor

Next Post

බස්නාහිර හැර තෙවන පාසල් වාරය ලබන 23 වනදා ආරම්භ වේ - අධ්‍යාපන අමාත්‍ය ජී.එල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved