• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිඥවරියකගේ කෝටි 2ක රන් බඩු සේප්පුවක් සමඟ උස්සපු වැල්ලවත්තේ උබයා දින 5කින් මාට්ටු!

30 September 2026
in දේශීය, පුවත්
නීතිඥවරියකගේ කෝටි 2ක රන් බඩු සේප්පුවක් සමඟ උස්සපු වැල්ලවත්තේ උබයා දින 5කින් මාට්ටු!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වැල්ලවත්ත කවිරත්න පෙදෙසේ පිහිටි නීතිඥවරියකගේ දෙමහල් නිවසට ඇතුළු වූ පුද්ගලයන් පිරිසක් විසින් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා රන් ආභරණ තොගයක් බහා තිබූ සේප්පුවක් සම්පූර්ණයෙන් සොරාගෙන යාමේ අපරාධය වාර්තා වී දින පහක් වැනි කෙටි කාලයක් තුළදී, වැල්ලවත්ත පොලිසිය විසින් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන සහ “වැල්ලවත්තේ උබයා” ලෙස හැඳින්වෙන මෙම ප්‍රධාන සැකකරු බන්ධනාගාරගතව සිට මීට සති දෙකකට පමණ ඉහතදී ඇප මත නිදහස් වී පැමිණි අයෙකු වන අතර, අනෙක් සැකකරු ත්‍රීරෝද රථ රියදුරෙකු බව පොලිසිය තහවුරු කර ඇත.
පැහැදිලි සැලසුමකට අනුව නිවසේ වහලය සහ උඩුමහල් ආලින්දය හරහා ඇතුළු වී ඇති සැකකරු, සේප්පුව ඇඳ ඇතිරිල්ලකින් ආවරණය කර කරමත තබාගෙන ගොස් ඇති බව අවට නිවාසවල සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගෙන තිබේ. අනතුරුව බොරලැස්ගමුව ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් සේප්පුව කඩා රන් ආභරණ ලබාගෙන ඇති අතර, ඒවායින් කොටසක් උකස් කර මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා යොදාගෙන ඇති අතර තවත් කොටසක් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා ඇත. එමෙන්ම රන් භාණ්ඩ උකස් කරගත් මුදලින් බැංකු ගිණුමකට මුදල් බැර කර ගැනීම සහ ඇඳුම් මිලදී ගැනීම සිදු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 13,180ක් සහ සොරා ගන්නා ලද රන් ආභරණවලින් පවුම් 30ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත. මෑත කාලීනව නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ඉලක්කගතව සිදුවන මෙවැනි සංවිධානාත්මක මංකොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය උවදුර අතර පවතින සෘජු සබඳතාව සමාජීය හා ආරක්ෂක අංශවල දැඩි අවධානයට ලක් වී ඇති අතර, සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර රුසියානු වෙළෙඳපොළට…

Next Post

සප්තකන්‍යා කඳු පාමුල ඔයක තිබී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
සප්තකන්‍යා කඳු පාමුල ඔයක තිබී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි!

සප්තකන්‍යා කඳු පාමුල ඔයක තිබී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved