වේරැස්ගඟ වැසිජල අපවහන හා පරිසර සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ඉදිකරන ලද ඇවිදින මංතීරුව දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාව වෙත නිල වශයෙන් පවරා දී තිබේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර පාලනය සහ පරිසරය සංරක්ෂණය අරමුණු කරමින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධණය කිරීමේ සංස්ථාව යටතේ ක්‍රියාත්මක වූ මෙම මංතීරුවේ පාලන කටයුතු මෙලෙස මහ නගර සභාව වෙත භාර දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී, ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිලධාරීන් විසින් අදාළ ලේඛන දෙහිවල – ගල්කිස්ස නගරාධිපති පැරකුම් ශාන්ත සහ නාගරික කොමසාරිස් විදුර සම්පත් යන මහත්වරුන් වෙත භාර දෙනු ලැබ තිබේ.














