සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සුළු වර්ෂාපතනයක් හේතුවෙන් ප්‍රමාද වී තිබේ.
ජැමෙයිකාවේ කිංස්ටන්හි සබීනා පාර්ක් (Sabina Park, Kingston) ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (09) පෙරවරු 01.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
දෙරට අතර පැවැත්වුණු දෙවැනි එක්දින තරගය ද වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට විනිසුරුවන් පියවර ගත් අතර, අද තරගයට ද මෙලෙස වර්ෂාවෙන් බාධා එල්ල වෙමින් පවතී.
















