රිටිගල වනජීවී කොට්ඨාසයේ අලගොල්ලෑව වනජීවී බීට්ටු කාර්යාලයට අයත් අමුනිච්චිය ග්‍රාමයේ කැලෑබද හේනක් අසල තිබී වන අලියෙකුගේ මළ සිරුරක් ඉකුත් 9 වැනිදා වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
වනජීවී කාර්යාලය පවසන්නේ මෙම වන අලියා මීට මාස කිහිපයකට පෙර මියයන්නට ඇති බවට සැකකරන බවයි. අලි සිරුර සොයාගන්නා අවස්ථාව වන විටත් එහි මාංස කොටස් මෙන්ම හොඬවැල ද සම්පූර්ණයෙන්ම දියවී ගොස් තිබී ඇත.
වනජීවී පශු වෛද්‍යවරුන් විසින් මෙම වන අලි සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය එදිනම (9) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබුණි. අලියා මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අලගොල්ලෑව වනජීවී කාර්යාලය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
















