• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දෙනවාද නැද්ද? හරියට කියන්න

12 June 2018
in දේශීය

බැදුම්කර වාර්තාවට අදාල ඇමුණුම් තමා වෙත ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳව ස්ථිර වශයෙන් ලිඛිතව පිළිතුරක් ලබාදෙන ලෙස ඉල්ලා කැෆේ සංවිධානයේ හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගරු කථානායකවරයා හා ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපියෙහි සඳහන් කර තිබෙන්නේ බැදුම්කර වාර්තාවේ ඇමුණුම් ලබා ගැනීම සඳහා තමා 2018 ජනවාරි 18 දින සිට ඉල්ලුම් කර ඇති බවයි. එසේම සී 350 ලේඛනය ප්‍ර‍සිද්ධි කිරීම සදහා නීතිපතිවරයා අනුමැතිය ලබා දී ඇති බව ද ජනමාධ්‍ය දැන ගැනීමට හැකි වු බවත් නමුත් මෙතෙක් තමාට එම පිටපත් ලැබී නොමැති බව කීර්ති තෙන්නකෝන් මහතා සිය ලිපිය මගීන් දන්වා ඇත.

කථානායකවරයා හා ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

2018 ජූනි 12

ගරු කථානායකතුමා,

කරු ජයසූරිය මැතිතුමා,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

 

ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා,

ජනාධිපති ලේකම්,

ජනාධිපති ලේකම් කාර්යාලය.

ගරු කථානායකතුමනි, ප්‍රිය ලේකම්තුමනි,

බැදුම්කර වාර්තාවේ ඇමුණුම් ලබා ගැනීම සම්බන්ධයෙනි

1. 2018 ජනවාරි 18 දින සිට මේ දක්වා මා විසින් ඉල්ලා සිටි, උක්ත ඇමුණුම් කිසිවක් ජූනි 12 (අද) දක්වාම මා වෙත ලැබී නොමැත. කෙසේ නමුත්, මෙම ලේඛන ජනාධිපති කාර්යාලය වෙතින් ගරු කථානායකතුමා වෙත යොමු කර ඇති බවට පුවත්පත් වාර්තා දුටිමි. නමුත්, මාගේ අවබෝධය නම් මා විසින් ඉල්ලා සිටි ඇමුණුම් කිසිවක් ම වෙත ලබා දෙනු තබා තවමත් ගරු කථානායතුමා වෙත හෝ ලැබී නොමැති බව ය.

2. සී 350 ලේඛනය ප්‍ර‍සිද්ධි කිරීම සදහා නීතිපතිවරයා අනුමැතිය ලබා දී ඇති බව ද ජනමාධ්‍ය මගින් දුටිමි. එම ලේඛනය ද තවමත් මා වෙත නම් ලබා දී නොමැත. එම ලේඛනය මා වෙත ලබා දෙන්නේ නම් ඒ කවදා ද යන්න නිශ්චිතව ප්‍ර‍කාශ කරන්නේ නම් මැනවි.

3. අනෙක් අතට, අද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් දැනගැනීමට ලැබුණේ ජාතික ලේඛනාරක්ෂක පනතේ 3 වන වගන්තිය යටතේ සී 350 ලේඛනය මහජනතාව සදහා විවර කිරීම සදහා වන අනුමැතිය ජනාධිපති ලේකම්වරයා විසින් මේ දක්වාම ලබා දී නොමැති බැවින් තවත් වසර 30 කට මේ ලේඛන පරිශීලනය සදහා අවස්ථාව ලබා දිය නොහැකි බවය.

4. මා නැවත වරක් අවධාරණය කරන්නේ මා ඉල්ලා සිටින්නේ බැදුම්කර වාර්තාවේ සියළු ඇමුණුම් ප්‍ර‍සිද්ධ කරන ලෙසය.

ගරු කථානායකතුමනි, ජනාධිපති ලේකම්තුමනි,

මාස 4ක් සහ දින 26 ක් ඔබතුමන්ලා වෙත මාගේ ඉල්ලීම නැවත නැවත සිදු කර ඇත. මාගේ ඉල්ලීම මා සදහා නොව පොදුජන සුභසෙත උදෙසා බව ඔබතුමන්ලා විසින් වටහා ගෙන නොමැති බව මාගේ අදහසයි. මන්ද, ඒ බව වටහා ගන්නේ නම්, එම ලේඛන පිළිබද ප්‍ර‍කාශ නිකුත් කරමින්, එක් එක් කොන්දේසි පණවමින්, එක් එක් ආයතනයන් වෙත මා යොමු කරමින්, මා රස්තියාදු කිරීමට ඔබ කටයුතු නොකරන නිසාය.

1. බැදුම්කර වාර්තාවේ ඇමුණුම් මා වෙත නිකුත් කරන්නේ ද?, නැති ද? යන්න මා වෙත ස්ථිර හා නිරවුල් ආකාරයක් ලිඛිතව ප්‍ර‍කාශ කරන ලෙස ද,

2. එසේ ලබා දෙන්නේ නම්, ඒ කවදා, කවුරුන් මගින් ද? යන්න ලිඛිතව ප්‍ර‍කාශ කරන ලෙස ද, ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට

විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

Post Views: 16
Previous Post

තාක්ෂණික විශිෂ්ටත්වය සමඟින් OPPO තවදුරටත් ඉදිරියට

Next Post

අපි හෙට ගෝඨාව හමුවෙනවා – ටී.බී කියයි

editor

editor

Next Post

අපි හෙට ගෝඨාව හමුවෙනවා - ටී.බී කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved