• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම්කෙරේ

28 July 2020
in විලාසිතා

කොවිඩ්-19 අතරතුර කුඩා දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීම අරමුණු කරගනිමින් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ (Life in Colour) චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් පසුගියදා නිවේදනය කෙරුණි.

ඒ අනුව වයස අවුරුදු 15 හා ඊට අඩු වයසේ ළමුන් සහභාගී වූ මෙම චිත්‍ර තරගයේදී, ඔවුහු නිවාසවලට වී ආරක්ෂිතව සිටින අතරතුර තම තමන්ගේ ජීවිත චිත්‍රයට නැගීම අරමුණු කෙරිණි.

කොවිඩ්-19 සමඟ උදා වූ මෙම ‘නව සාමාන්‍ය’ තත්ත්වය කලාත්මක ලෙස චිත්‍රණය කිරීමට කුඩා ළමුන් සිය ගණනක් උනන්දුවෙන් එක්ව සිටි අතර එය යුරෝපා සංගම් දූත මණ්ඩලයේ මහත් ප්‍රමෝදයට හේතු වී තිබුණි. විනිශ්චය කිරීමේ වට ගණනාවක් අනතුරුව අවසාන වටය සඳහා චිත්‍ර නිර්මාණය 30ක් තෝරාගැනුණි. එහිදී වයස අවුරුදු 0-6, 7-11 සහ 12-15 දක්වා වයස් කාණ්ඩ වලින් ජයග්‍රාහකයින් තෝරාගැනිණි. ඒ ඒ කාණ්ඩවල ජයග්‍රාහකයින්ට චිත්‍ර නිර්මාණ උපකරණ කට්ටල හිමි වූ අතර අවසාන වටයට නිර්දේශ වූ සියලු තරගකරුවන්ට වටිනා සහතික පත්‍රය බැගින් හිමිවිය.

‘වර්ණවත් ජීවිතය’ චිත්‍ර තරගාවලියේ වයස අවුරුදු 0-6, 7-11 සහ 12-15 යන කාණ්ඩවල ජයග්‍රාහකයින් ලෙස පිළිවෙලින් එම්.එස්.එම්. අම්හා, ආර්. අක්ෂතා පද්මාෂිණී සහ සමුදි හෙන්දහේවා යන ළමුන් තෝරාගැනුණි. ජයග්‍රාහකයින්ගේ හා අවසාන වටයට තේරීපත් වුණු සියලු චිත්‍ර නිර්මාණ යුරෝපා සංගම් දූත මණ්ඩල ෆේස්බුක් පිටුවේ (https://www.facebook.com/EUDel.Srilanka.Maldives) පළ කර තිබේ.

 

Post Views: 48
Previous Post

තුෂාරව අත්අඩංගුවට ගන්නැයි නාමල්ගෙන් පෙත්සමක්

Next Post

ඉදිරියේදී රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ දේශීය නිෂ්පාදකයන්ගෙන් පමණයි – ජනපති

editor

editor

Next Post

ඉදිරියේදී රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ දේශීය නිෂ්පාදකයන්ගෙන් පමණයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved