27 April 2024
#දේශීය

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දින සැමරුම් ජාතික වැඩසටහන කොළඹදී

“උගනිමු, බෙදාදෙමු, ක්‍රියාකරමු” යන තේමාව මුල් කරගනිමින් ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව 2021 නොවැම්බර් 05 දින සිට 08 දිනය දක්වා වැඩ සටහන් මාලාව ජාත්‍යන්තර, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ සියළු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් අද දින (09) ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

සුනාමි ආපදාවක සුරක්ෂිතාව තවහුරු කර ගැනීම සම්බන්ධයෙන් ලෝක අවධානය යොමු කරවීම සදහා 2015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී සුනාමි ආපදා පිළිබදව දැනුවත් කිරීම සදහා සෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් නම් කර ඇත. එ් අනුව සෑම වර්ෂයකම නොවැම්බර් 05 වන දින ලෝක සුනාම් ආපදා දැනුවත් කිරීමේ දිනය සැමරිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු බොහෝ රටවල් කටයුතු කරන අතර ආපදා අවදානම් අවමකිරීම සදහා වන ජාත්‍යන්තර සම්මුතිය වන සෙන්දායි රාමුව තුළ මුදුන් පමුනුවාගත යුතු ඉලක්ක අතරින් සත්වන ඉලක්කය වන “සංවර්ධනය වෙමින් පවතින රටවල ආපදා අවදානම සහ ආපදා පාඩු අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව”කෙරෙහි අවධානය යොමු කිරීම මෙවර “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දින” තේමාව විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *