යේමනයේ හූති සටන්කාමීන් සහ ජාත්‍යන්තරව පිළිගත් රජයට පක්ෂ හමුදා අතර ගැටුම් උග්‍ර වීම හේතුවෙන් පුද්ගලයින් 100,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
UNHCR ආයතනය සඳහන් කර ඇත්තේ යේමනයේ බටහිර වෙරළ තීරය ආශ්‍රිතව වේගයෙන් උත්සන්න වන ගැටුම් හේතුවෙන් ලක්ෂයකට වැඩි පිරිසක් රට තුළම අවතැන් වී ඇති බවයි.
එමෙන්ම, ආරක්ෂාව සොයා දහස් ගණනක් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය හරහා ජිබුටි වෙත යාමට අවදානම් සහිත මුහුදු ගමන්වල නිරත වන බවද UNHCR පවසනවා.
මෙම තත්ත්වය හේතුවෙන් මානුෂීය අර්බුදයක් තවදුරටත් උග්‍ර විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
අවතැන් වූ පවුල්වලට නවාතැන්, ආහාර, පිරිසිදු ජලය, සෞඛ්‍ය සේවා සහ ආරක්ෂාව වැනි මූලික අවශ්‍යතා කඩිනමින් අවශ්‍ය වී ඇති බව එම සංවිධානය සඳහන් කරනවා.
අවතැන් වූ පවුල් සඳහා ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 14ක පමණ අමතර අරමුදල් අවශ්‍ය බවද UNHCR පවසනවා.
මේ අතර, යේමනය තුළ සිටින ලියාපදිංචි සරණාගතයින් සහ රැකවරණය ඉල්ලා සිටින පුද්ගලයින් 65,000කට වැඩි පිරිසක්ද ගැටුම් හේතුවෙන් අවදානමකට මුහුණ දී සිටින බව සඳහන්.
ගැටුම් හේතුවෙන් බොහෝ පවුල් හදිසියේම තම නිවාස අතහැර දමා ඇති අතර, සීමිත සම්පත් සහිත ප්‍රදේශවලට පැමිණෙන අවතැන් ජනතාවගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ එම ප්‍රදේශවලටද දැඩි පීඩනයක් එල්ල වී තිබෙනවා.













