ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයක ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලාංකීය ධාවන සූර යෙවාන් ඩේවිඩ් (Yevan David) කීර්තිමත් මොනාකෝ (Monaco) FIA ෆෝමියුලා 3 තරගාවලිය සඳහා සිය ප්‍රථම සහභාගීත්වය සනිටුහන් කර තිබේ.
මොනාකෝ හි පැවැති අතිශය උණුසුම් සුදුසුකම් ලැබීමේ වටයේදී (Qualifying Round) ‘Group B’ යටතේ 12 වැනි ස්ථානය (P12) දිනා ගැනීමට යෙවාන් සමත් විය. ඒ අනුව, මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත ප්‍රධාන තරග (Races) ද්විත්වයම ඔහු 23 වැනි ස්ථානයේ සිට (23rd on the grid) ආරම්භ කිරීමට නියමිතව ඇත.
පෙර දින පැවැති නිදහස් පුහුණු වටවලට (Free Practice) වඩා ඉහළ ප්‍රගතියක් සහ වේගයක් අත්කර ගැනීමට තමන්ට හැකි වූ බවත්, මෝටර් රථයේ වේගය තවදුරටත් වර්ධනය කරගනිමින් එම විශ්වාසය පෙරදැරිව ඉදිරි ප්‍රධාන තරගවලදී උපරිම දක්ෂතා දැක්වීමට තමන් සූදානම් බවත් යෙවාන් ඩේවිඩ් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කර තිබේ.
















