මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා නොවැම්බර් 3 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියම කර තිබේ.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඩේසි ෆොරස්ට් මහත්මිය අධිකරණයේ පෙනී නොසිටියාය. ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් ඇයගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුවෙන් චෝදනා කර ඇත්තේ අයථා ලෙස උපයාගත් බවට චෝදනා කරන රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවයි.
















