යුක්රේනය යුරෝපීය ආරක්ෂක පද්ධතියේ අනිවාර්ය අංගයක් බවට පත්විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් යුරෝපයේ ඇතැම් රටවලට “රුසියානු ලෝකයේ” (Russian world) කොටස්කරුවන් වීමේ අවදානමක් පවතින බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අනතුරු අඟවයි. බර්ලින් නුවර සංචාරයකට පෙර ඔහු ප්‍රකාශ කළේ, යුරෝපා සංගමයේ සහ ඉන් පරිබාහිර රටවල් සමඟ නව ඒකාබද්ධ ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කිරීම පිළිබඳව මේ සතියේ සාකච්ඡා කරන බවයි. යුක්රේනය සතු යුධ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම මේ වන විට ලොව පුරා රටවල් රැසක ඉල්ලුමක් පවතින “නිෂ්පාදනයක්” බවට පත්ව ඇති බවත්, තමන්ට සහාය දෙන රටවලට පෙරළා සහාය වීමට යුක්රේනය සැමවිටම සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














