• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

 ජාතික භෞතික සැළසුම ගැන ඇමැති පාඨලි කරුණු පැහැදිලි කරයි

9 April 2019
in සංවර්ධන

ජාතික භෞතික සැළසුමට අනුව ප්‍රධාන ආර්ථික කොරිඩෝ හතරක් අපි නම් කර තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් නිවාස අහිමි වන ජනතාව සඳහා නිවාස ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” අපි දැනට මුලු ලංකාවෙම 2050 දක්වා දිව යන ජාතික භෞතික සැලසුමක් ඇතිකර තිබෙනවා. මොකද්ද ජාතික භෞතික සැලසුම කියන්නේ. ඊ ළඟ අවුරුදු 30 නැත්නම් 40 අධිවේගී මාර්ග කොහේද ඉදිවෙන්නේ. වරායවල්, ගුවන් තොටුපලවල් කොහේද ඉදිවෙන්නේ. විදුලි බලාගාර කොහේද ඉදිවෙන්නේ. මහානගර කොහේද ඉදිවෙන්නේ. ආර්ථික සංවර්ධන කලාප කොහේද ඉදිවෙන්නේ. පරිසර සංරක්‍ෂණ ප්‍රදේශ කොහේද තියෙන්නේ. ජලාශ කොහේද ඉදිවෙන්නේ. ජලසම්පාදන සම්පාදන වැඩපිළිවෙල කොහොමද වෙන්නේ. විදුලි බලාගාර කොහේද තියෙන්නේ කියන එක තීරණය කරන්නේ මේ ජාතික භෞතික සැලසුම. හැම ආණ්ඩුවක්ම කරන්නේ මේ ජාතික භෞතික සැලසුම ක්‍රියාත්මක කිරීමයි. සමහර දේවල් අපි දකිනවා මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය, බැසිල් කියලා බදා ගන්න යනවා. නමුත් මේවා හුඟක් දේවල් ජාතික භෞතික සැලසුමේ තිබූ දේවල්. තව උදාහරණයක් හැටියට කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය 1968 ජාතික භෞතික සැලසුමෙන් ආපු දේවල්. ඒක අනුක්‍රමයෙන් විවිධ ආණ්ඩු උත්සාහ කරලා අවසානයේ චන්ද්‍රිකා මැතිණිය තමයි 1996 දී ඒකේ වැඩකටයුතු පටන් ගත්තේ, අවසන් උනේ 2013. ඔය වගේ උදාහරණ බොහොමයක් කිසියම් දවසක කා යටතේ හෝ ජාතික භෞතික සැලසුමින් ගලා ආපු එකක්. එතකොට ඒ ජාතික භෞතික සැලැස්ම දැන් අපි 2050 දක්වා අවසන් කර තිබෙනවා. අපේ ඒ සැලසුමට අනුව රටේ ප්‍රධාන ආර්ථික කොරිඩොර 4ක් තිබෙනවා. එකක් තමයි කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා යන ආර්ථික කොරිඩෝව. ඒක ප්‍රධාන වශයෙන්ම අඹේපුස්ස, ඊ ළඟට කුරුණෑගල, දඹුල්ල, හබරණ, ත්‍රිකුණාමලය යන විදිහට තමයි යන්නේ. ඒකට අවශ්‍ය කරන අංග සම්පූර්ණ සැලසුම අපි සකස් කර තිබෙන්නේ. ඒ වගේම අනෙක් කොරිඩෝව ගාල්ලේ හික්කඩුවේ සිට තිස්සමහාරාමය දක්වා යන කොරිඩෝව. ඒකෙත් සියළුම අංගෝපාංගයන් අපි සැලසුම් කර තිබෙනවා. ඊළඟ එක යාපනේ සිට කිළිනොච්චියට. අනෙක තිබෙන්නේ වාලච්චේනයේ සිට අම්පාරට ඒ තමයි ප්‍රධාන කොරිඩෝ හතර. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මහනුවර අහු වෙලා නැහැ නේද කියලා. මහනුවර සහ අනුරාධපුරය තමයි අපි දකින්නේ මේ කොරිඩෝ වලින් පිටත තිබෙන ප්‍රධානම නගර දෙක හැටියට. ඒ අනුව ඒ නගර දෙක අපි ප්‍රධාන නගර දෙකක් හැටියට තෝරාගෙන වෙනම උපාය මාර්ගිකව සංවර්ධන ව්‍යාපෘතියකට දාලා තියෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

 

Post Views: 10
Previous Post

පොලිසියට ඉහළ පිළිගැනීමක් ඇති කරනවා … ජනපති !

Next Post

මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ගැන ජනපති අගමැති අතර සාකච්ඡාවක්  

editor

editor

Next Post

මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ගැන ජනපති අගමැති අතර සාකච්ඡාවක්  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved