• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඉල්ලීම යුනෙස්කෝවට

13 March 2019
in සංවර්ධන

ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ඉල්ලීම අඩංගු ලියවිල්ල යුනෙස්කෝ සංවිධානයට මේ මස 23 දින පස්වරු 2.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගා මහ මළුවේ දී පැවැත්වෙන ත්‍රිපිටකාභිවන්දන ජාතික උත්සවයේ දී බාර දීමට සියළු කටයුතු සුදානම් කර තිබේ.

මෙම අවස්ථාවට මහා නායක හිමිවරුන් ඇතුළු 5000ක මහා සංඝරත්නය, විදේශීය ස්වාමීන් වහන්සේලා, උපාසක උපාසිකාවන් 2500ක්, අන්‍ය ආගමික නායකයන්, මැති ඇමැතිවරුන්, විදේශීය තානාපති නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.

මෙම උත්සවයට සමගාමීව ත්‍රිපිටකාරූඩ ශ්‍රී සද්ධර්මය ලෝක උරුමයක් ලෙස චිරාත් කාලයක් සුරක්ෂා කරණු වස් ‘ත්‍රිපිටකාභිවන්දන ජාතික සතිය’ මෙම 16 සිට 23 දක්වා රට පුරා ක්‍රියාත්මක කෙරේ. මෙහි දී සෑම බෞද්ධ නිවසකම සහ කාර්යාලයකම, බෞද්ධ කොඩිය ඔසවා ඒ හා සම්බන්ධවන ලෙසද මෙහි සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටී.

වසර දෙදහස් පන්සියයකට අධික කාලයක සිට වර්තමානය දක්වා මෙරට භික්ෂු පරම්පරාවේ දායකත්වයෙන් සුරක්ෂිතව රැගෙන ආ නිර්මල ථෙරවාදී බුදු දහම ඇතුළත් ත්‍රිපිටකය පසුගිය ජනවාරි 05 දින මාතලේ අලුවිහාරයේ දී ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයා විසින් පෙබරවාරි 07 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2109/13 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එසේ ජාතික උරුමයක් බවට පත් කරණු ලැබූ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාව සඳහා පසුගිය ජනවාරි 13 දින අනුමැතිය ලැබී ඇත. එම යෝජනාව පෙරදැරි කරගෙන ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැඩසටහන සඳහා මෙරට ජනතාවගේ, ලෝක වාසී බෞද්ධ ජනතාවගේ සහයෝගය ලබාගැනීම සඳහා ත්‍රිපිටකාභිවන්දන ජාතික සතිය ක්‍රියාත්මක වේ.

මේ අනුව 14-15 දින ප්‍රාදේශීය මට්ටමින් මංමාවත් ධජ පතාකවලින් සැරසීම, 16 සිට 23 දක්වා ත්‍රිපිටකාභිවන්දන සතිය තුළ පස්වරු 6.00 සිට 6.15 දක්වා දීප ව්‍යාප්තව විහාරස්ථානවල ශබ්ද පූජා පැවැත්වීම, 16 දින පොලිස් වසම් තුළ සංවිධානය කරන පිණ්ඩපාත පින්කම් සහ විදේශයන්හි ශ්‍රී ලාංකික විහාරස්ථාන පදනම් කරගෙන සිදුකරන වැඩ සටහන්, 17 දින රටපුරා දහම් පාසල්වල ක්‍රියාත්මක වන වැඩසටහන, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සිදු කරන දහම් පාසල් ගොඩනැගිලි 200ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධාන කරණු ලබන විදේශයන්හි ශ්‍රී ලාංකික විහාරස්ථාන හා දහම් පාසල් පදනම් කරගෙන සිදු කරණු ලබන වැඩසටහන ක්‍රියාත්මක වේ.

18 දින දීප ව්‍යාප්ත පාසල් හා පිරිවෙන් පදනම් කරගත් ප්‍රධාන වැඩ සටහන, 19 දින රාජ්‍ය නොවන අංශයේ ආයතන පදනම්කරගෙන සිදුකරන වැඩසටහන, 20 දින ජනපති සඳහම් යාත්‍රා පොහෝ දින වැඩ සටහන, 21 දින ජනාධිපති ලේකම් කාර්යාලය හා අදාළ පළාත් ආණ්ඩුකාර කාර්යාල මගින් රට පුරා සිදුකරන දානමය පින්කම, දීපව්‍යාප්තව විහාරස්ථාන පදනම් කරගෙන සිදු කරන වැඩසටහන, 22 දින රටපුරා සියලුම රාජ්‍ය ආයතනවල සිදුකරන වැඩසටහන් හා 23 දින මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී ප්‍රධාන උත්සවය පැවැත්වෙන බව මේ මාධ්‍ය හමුවේ දී අනාවරණය විය.

හම්බන්තොට, අම්පාර, පොලොන්නරුව, කුරුණෑගල, සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි 19, 20, 21 දිනයන්හි ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශන පැවැත්වීමට නියමිතය.

Post Views: 5
Previous Post

අයවැය කාරක සභා විවාදය අදින් ආරම්භ වේ

Next Post

” දුර ගමනක සලකුණු ” සහ ” එක අහසක් යට ” මල්කාන්තිගේ පොත් දෙක එළිදක්වයි

editor

editor

Next Post

" දුර ගමනක සලකුණු " සහ " එක අහසක් යට " මල්කාන්තිගේ පොත් දෙක එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved