• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ජනාධිපති කැමති නෑ – ඇමති බන්දුල

24 April 2020
in දේශීය

පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (23) එක්වෙමිනි.

පසුගිය පාර්ලිමේන්තුව පැවති සමයේ රටට විශාල විනාශයක් සිදු වු බවත් නීත්‍යානුකූලව විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය හැකි වන්නේ ජනාධිපතිවරයාගේ කැමැත්ත මත පමණක් බවත් ඒ මහතා පැවසීය.

ඒ සඳහා ජනාධිපතිවරයාට කිසිදු කැමැත්තක් නැති බවත් ඊට බලපෑම් කිරීමටද කිසිවෙකුට නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

මනෝ ගනේෂන් නඩු මගට ?

මේ අතර පැවති පැවති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට තමන් ඇතුළු පිරිසක් පැමිණිලි කරන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් උපුටා දක්වමින් පුවත් පළවෙයි.

ඊට අනුව ජූනි මස 20 වෙනි දා මහමැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කිරීමත් සමඟ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් ඇති වී තිබෙන නිසා එය විසඳා ගැනීමට මෙම පියවර ගන්නා බවද ඔහු එහිදී පවසා ඇති අතර පැවති පාර්ලිමේන්තුව කිසිසේත්ම නැවත කැඳවන්නේ නැති බව ජනාධිපතිවරයා පවසන බවත්, අධිකරණ නියෝගයකින් පිට ඒකපාර්ශ්වීය තමන් පාර්ලිමේන්තුව රැස් නොකරන බව හිටපු කතානායක වරයාද පවසන නිසා එවන් පසුබිමකදී හැකි එකම ක්‍රියාමාර්ගය අධිකරණය වෙත යාම පමණක් බව ඔහු සඳහන් කර තිබේ.

Post Views: 19
Previous Post

නාවික හමුදාවේ 30 කට කොවිඩ් !

Next Post

රාජ්‍ය ආයතන ලබන සතියේ සිට වැඩ

editor

editor

Next Post

රාජ්‍ය ආයතන ලබන සතියේ සිට වැඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved