• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුත්තලම අයිස් ජාවාරමට සම්බන්ධ සුරාබදු පරීක්ෂක අත්අඩංගුවට

25 July 2020
in දේශීය

පුත්තලමේ සිදුවූ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකු පුත්තලම පොලීසිය වෙත ඊයේ (24) භාරවීමෙන් පසුව අත්අඩංගුවට  ගෙන ඇති බව වාර්තා වෙයි.

පුත්තලම සුරාබදු කාර්යාලයට අනියුක්තව සේවය කර ඇති මෙම සුරාබදු පරීක්ෂකවරයා, කඩුගන්නාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මේ වන විට අනාවරණය කරගෙන ඇති ආකාරයට අදාළ  සැකකරු පුත්තලම සුරාබදු ස්ථානයේ රාජකාරි සදහා පැමිණ ඇත.

පසුගිය  23 වැනිදා අළුයම අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 125 ක් සමග සුරාබදු නියාමකවරයෙකු ඇතුළු 08 දෙනෙකු පුත්තලම නගරයේදී පුත්තලම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණ අතර එම අයිස් මත්ද්‍රව්‍ය  තොගය සැකකාර සුරාබදු නියාමකවරයා හට ගෙනැවිත් දී ඇත්තේ පොලීසියට බාර වූ මෙම සැකකාර සුරාබදු පරීක්ෂකවරයා විසින් බවටයි සිදුකරන ලද විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.

 අනතුරුව සැකකාර සුරාබදු පරීක්ෂකවරයා ප‍්‍රදේශයෙන් අතුරුදන්ව සිටි බවත් වාර්තා වෙයි.

පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකාර සුරාබදු නියාමකවරයාට අයිස් මත්ද්‍රව්‍ය තොගය ලබාදීම සඳහා සැකකාර සුරාබදු පරීක්ෂකවරයා විසින් භාවිත කළ මෝටර් රථය ද ඔහු විසින්ම පොලීසියට ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වෙයි.

සිද්ධියට සම්බන්ධ සැකකාර සුරාබදු නියාමකවරයාගේ සේවය අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඊයේ කටයුතු කළ අතර  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා සහකාර සුරාබදු කොමසාරිස්වරුන් දෙදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් දෙකක් ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් පත් කර ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 08 දෙනා අතර සිටින කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවෙකු පුද්ගලික ඇපමත මුදා හැරීමටත්, සෙසු සැකකරුවන් තිදෙනා අද දිනය දක්වා රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමටත් පුත්තලම දිසා විනිසුරුවරයා නියම කර ඇති බවත් වාර්තා වෙයි.

Post Views: 15
Previous Post

බදුල්ල උඩින් දිනනවා – අගමැති සහතික වෙයි

Next Post

සුරැකුමපත් සම්බන්ධ අසත්‍ය පුවතක් ගැන මහ බැංකුව කරුණු පහදයි

editor

editor

Next Post

සුරැකුමපත් සම්බන්ධ අසත්‍ය පුවතක් ගැන මහ බැංකුව කරුණු පහදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved