• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බෞද්ධකම පොරවාගෙන දේශපාලනයෙන් ගොඩ එන්න අය ගැන ජනතාව තේරුම් ගත යුතුයි – ඇමැති අකිල

8 October 2019
in දේශීය

බෞද්ධකම පොරවාගෙන දේශපාලනයෙන් ගොඩ එන්නට තැත් කරන අය කවුරුන්දැයි ජනතාව තේරුම්ගෙන සිය තීරණය ප්‍රකාශ කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරීවයවසම් මහතා පවසයි.

අමා‍ත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ කුලියාපිටියේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමෙන් පසුව මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්න කීපයකට පිළිතුරු වශයෙනි.

බෞද්ධයින් හා බෞද්ධ දර්ශනය නඟා සිටුවීමට වත්මන් ආණ්ඩුව තරම් ක්‍රියා කළ තවත් ආණ්ඩුවක් නැති බව අමාත්‍යවරයා පැවසිය.

ඒ් පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා ” මම මධ්‍යම සංස්කෘතික අරමුදල භාරව සිටියදී විහාරස්ථාන 1500 කට මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දුන්නා. වි‍ශේෂයෙන්ම අනුරාධපුරයේ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළා. රුවන්වැලි මහා සෑයේ වැලි ඇතිරීමේ සිට දීඝවාපිය ප්‍රතිසංස්කරණය දක්වා කෝටි ගණනක මුදල් වැය කළා. දීඝවාපිය ප්‍රතිසංස්කරණයට පමණක් රුපියල් කෝටි 75 – 80 වෙන් කළා. ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා එම අරමුදල භාර ගත්තාට පසුව පන්සල් වෙහෙර විහාර ආදියට විශාල වශයෙන් වැඩ කර තිබෙනවා. අගමැතිතුමාගේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ද කෝටි ගණනින් වැඩ කර ති‍බෙනවා. බුද්ධාගම නඟා‍ සිටුවීමට හා වෙහෙර විහාර ප්‍රතිසංස්කරණයට ඉතිහාසයේ කවරදාවත් මේ ආණ්ඩුව තරම් කවුරුත් වැඩ කර නැහැ.නියම බෞද්ධයෙක් නම් බුදුන්වහන්සේගේ දර්ශනයට අනුව හැසිරිය යුතු බවත් විපක්ෂයේ සමහරුන් පහුගිය කාලයේ හැසිරුණේ බෞද්ධ දර්ශන අනුව නොවන බවත් ඔවුන් මිනීමැරුම් ගසා කෑම් සිදු කරමින් සුදු වෑන් සංස්කෘතියක් ද ක්‍රියාත්මක කරන ලද කළ බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා “ අප ගැන කුමන විවේචන කළත් සුදුවෑන් වලින් මිනිස්සු උස්සලත් නැහැ,වෙඩිතියලත් නැහැ,මරලත් නැහැ,එසේ වුවත් සමහරවිට අකරතැබ්බ සිදුවී ඇත්තේ ද අපට ම තමයි. ” යනුවෙන් ද පැවසුව්ය.

 

Post Views: 6
Previous Post

සත්කාරක පාකිස්ථානය පරදවා 20/20 තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

Next Post

අගල් 26 කින් යුත් ඡන්ද පත්‍රිකාව මුද්‍රණාලයට

editor

editor

Next Post

අගල් 26 කින් යුත් ඡන්ද පත්‍රිකාව මුද්‍රණාලයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved