• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ මහත්මිය පත් කෙරේ

27 November 2018
in ව්‍යාපාර

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සුජාතා කුරේ මහත්මිය මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදි සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදි.

සුජාතා කුරේ මහත්මිය ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශන සහ ශාස්ත්‍රවේදි උපාධිධාරිනියක වන ඇය නෙදර්ලන්තයේ හේග් හි සමාජ අධ්‍යයන ආයතනයෙන් :ෂී*සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගෙන ඇත.

වසර තිහකට අධික සිය රාජ්‍ය සේවා පරිචය තුළ සුජාතා කුරේ මහත්මිය වරාය සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ලෙස සේවය කළ අතර, මුදල් අමාත්‍යංශ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් සහ විදේශ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වශයෙන් ඉහළ තනතුරු හෙබවිය.

මීට අමතරව ඇය රාජ්‍ය සහ පුද්ගලික බැංකු කිහිපයක, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ, රක්ෂණ මණ්ඩලයේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙසද කටයුතු කර ඇත.

සුජාතා කුරේ මහත්මිය ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ආසියානු සංවර්ධන බැංකුවේ සහ ආසියා පැසිෆික් ආර්ථික සහ සමාජ කොමිසමේ වාර්ෂික සැසි සහ ජාත්‍යන්තර සමු`ඵ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී ඇත.

මේ වන විට ඇය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරයි.

ඡායා – මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ මහත්මිය වැඩ භාරගත් අවස්ථාව. මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් රොහාන් පතිරගේ යන මහත්වරුන් ද මෙහි වේ.

Post Views: 10
Previous Post

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නඩුවට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්…

Next Post

අද පාර්ලිමේන්තුව යළි රැස්වෙයි …. ආණ්ඩු පක්ෂය එයිද? එජාපය …?

editor

editor

Next Post

අද පාර්ලිමේන්තුව යළි රැස්වෙයි .... ආණ්ඩු පක්ෂය එයිද? එජාපය ...?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved