• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නඩුවට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්…

26 November 2018
in දේශීය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බව පවසමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත. ඊට අමතරව බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් එම මණ්ඩලයේ සෙසු විනිසුරුවන් වශයෙන් කටයුතු කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සදහා විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුතු පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමට අගවිනිසුරුවරයා තීරණයකර තිබේ.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා , මහාචාර්ය ජී එල් පීරීස් මහතා ඇතුළු පාර්ශ්ව පහක් මෝසම් මගින් ඉල්ලා තිබේ.

ව්‍යවස්ථාමය සහ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් පෙත්සම්වල අඩංගු බැවින් ඒ සදහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටින බවයි එම මැදිහත්කාර පාර්ශ්වයන් පවසා ඇත්තේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය තාවකාලිකව වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන මස 7 වනදා තෙක් බලපැවැත්වෙනවා. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන මස 4 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. ගැසට් පත්‍රයේ සදහන් ආකාරයට ඉදිරි කටයුතු සිදුකිරීම වලකාලමින් මැතිවරණ කොමිෂන් සභාවටද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගය ද ලබන මස 7 වනදා තෙක් බල පැවැත්වෙනු ඇති.

Post Views: 8
Previous Post

19 නිසා අවුල් බව ගෝඨා කියයි

Next Post

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ මහත්මිය පත් කෙරේ

editor

editor

Next Post

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ මහත්මිය පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved