• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් එක්ක මෝදි වාහනයේදී කතා කළේ මොනවාද..?

9 June 2019
in දේශීය

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගනු ගත්තේය.

හමුදා ගෞරවාචාර මධ්‍යයයේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උණුසුම් අන්දමින් පිළිගෙන විශේෂ අමුත්තන්ගේ පර්යන්තය කරා කැඳවාගෙන එනු ලැබීය.

එහිදී විශේෂ අමුත්තන්ගේ සටහන් පොතෙහි සිය සටහන තැබූ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා සමග එකම රථයකට ගොඩවී කොළඹ බලා විශේෂ රිය පෙරහරකින් පිටත් වූයේ සුහඳ සාකච්ඡාවක නියැළෙමින්ය.

‍අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (H.E. Taranjit Singh Sandhu), යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා වාහනයේ ගමන් කර අතර තුරදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව සාකච්ඡාවන්හි දී වැඩි අවධානයක් යොමු කෙරිණි.

දෙරට අතර අනාගත ආර්ථික අවකාශයන් නිර්මාණය කිරීම පිළිබඳව ද ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.

දෙරටේ ද්විපාර්ශවික සබඳතාවන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.

ගෝලීය ත්‍රස්තවාදය හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳවද මේ සාකච්ඡාවන් හි දී අවධාරණය කෙරිණ.

සාකච්ඡා සඳහා වැඩි කාලයක් වෙන් කර ගැනීමේ අරමුණ ඇතිව අග්‍රාමාත්‍යවරුන් දෙපල අතර සාකච්ඡා වාර පැවැත්වුණේ වාහනයෙන් ගමන් කරන අතරතුර වීමද විශේෂයකි.

 

 

Post Views: 7
Previous Post

ඉන්දිය අගමැති, ජනපති හමුවෙයි

Next Post

ශ්‍රී ලංකාවට ආචාර කර මෝදි පිටවෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවට ආචාර කර මෝදි පිටවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved