• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රැකියාවක් සොයාගැනීම පහසු වන ආකාරයට උපාධිය සකසන්න ජනාධිපතිගෙන් උපදෙස්

16 May 2020
in දේශීය

විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබා ඉන් පිටතට එන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල් වන අයුරින් උසස් අධ්‍යාපන ක‍්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත.

ඒ  විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු සමග ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමිනි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව කුමන අර්ථකථන තිබුණ ද ඉන් පිටව යන තරුණ – තරුණියන්ට රැකියාවක් සොයාගත නොහැකිනම් එය නිවැරදි අධ්‍යාපන ක‍්‍රමයක් විය නොහැකි බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ අතර උපාධිධාරීන් රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාපන ක‍්‍රමයක් අවශ්‍ය බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදී තිබේ.

විශ්වවිද්‍යාල සහ පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව බවත් දැනටමත් හඳුන්වාදී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව තවත් වැඩිදියුණු කිරීමට මෙම අවස්ථාව උපයෝගීකරගත යුතු බවත් පවසා ඇත.

 සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය සඳහා විදේශගතවීම යහපත් ලක්ෂණයක් නොවන බවත්, එමගින් විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් පිට රටවලට ඇදී යන බැවින් ඒ තත්වය නතර කිරීමට නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය විවිධාංගීකරණය විය යුතු බවත් ජනාධිපති පවසා ඇත.

 සන්නිවේදන තාක්ෂණය ඇතුළු නව තාක්ෂණික දැනුම, හෙද වෘත්තීය, සංචාරක ව්‍යාපාරය, ගුරු වෘත්තිය වැනි ක්ෂේත‍්‍රවල උපාධි පාඨමාලා හඳුන්වාදීම අතිශය වැදගත් බවත් අනාගතයේ දී විශ්ව විද්‍යාලයට පිවිසෙන සෑම දරුවෙකුටම පරිගණකයක් ලබා ගැනීමේ පහසුව සැලසිය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණ බවත් වාර්තා වෙයි.

උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලබන සියලූ‍දෙනාට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට පෙර නිවසේ සිට ඉංගී‍්‍රසි සහ පරිගණක අධ්‍යාපනය ලබාදීමට සැලසුම් සකස් කළයුතු බවත්  ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන් බවත් වාර්තා වෙයි.

ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සෙසු සාමාජිකයින් සහ විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

Post Views: 11
Previous Post

ජපානයේ සිරවී සිටි 235ක් ලංකාවට ගෙනෙයි

Next Post

චීනය දෙන සිව්වැනි කොවිඩ් ආධාර තොගයත් එයි

editor

editor

Next Post

චීනය දෙන සිව්වැනි කොවිඩ් ආධාර තොගයත් එයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved