• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වඩු කර්මාන්තය සුරක්‍ෂිත කරන අතරම වනවගාව පුළුල් කළ යුතුයි – අගමැති

11 June 2019
in දේශීය

වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබාදෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයන් හා දේශපාලනඥයින් පිරිසක් සමඟ අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

වඩු කර්මාන්තය සුරක්‍ෂිත කරන අතරම වනවගාව පුළුල් කළ යුතු බව පැවසූ වික්‍රමසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ වනගහණය 28% ක් පමණ වන බවත්, එය තවත් වැඩි දියුණු කළ යුතු බවත් පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ” මොරටුව ප්‍රදේශය තාක්‍ෂණික දැනුම ඉතා හොදින් භාවිත කළ හැකි නගරයක්. මොරටුව විශ්ව විද්‍යාලය, අප අලූතින් ආරම්භ කළ ඒ.ටී.අයි. ආයතනය හරහා සාම්ප්‍රදායික වඩු කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය තාක්‍ෂණය ලබාගත හැකියි. මුදල් රාජ්‍ය අමාත්‍යතුමාත් මොරටුව ප්‍රදේශයේ සිටින නිසා මේ වැඩකටයුතු කරගෙන යෑමේ ගැටළුවක් ඇතිවන්නේ නැහැ. වඩු කර්මාන්තය පිළිබඳව අමාත්‍යංශයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේඛය සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වනවා. මේ වනවිට අමාත්‍යංශ ලේකම්වරයාත් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා. මෙම කර්මාන්තය විශාල කර්මාන්තයක් ලෙස දියුණු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ දැනුම ශ්‍රී ලංකාවට පමණක් සීමා නොකර විදේශ රටවල්වලටත් ලබාදිය යුතුයි. එම නිසා ඉදිරියේදී වඩු කර්මාන්තයට හොඳ අනාගතයක් තිබෙන බව පැවසිය යුතුයි. මේ පිළිබඳව එරාන් වික්‍රමරත්න ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් සකස් කර අපට වාර්තාවක් ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ අනුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබාදෙන ණය සහන වඩු කර්මාන්තයටත් ලබාදීමට කටයුතු කරන බව මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. අප රටේ වගකිව යුත්තන් ලෙස කටයුතු කළ යුත්තේ මෙවැනි කර්මාන්ත දියුණු කිරීමටයි. මෙම කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන්ට සාර්ථකව මුදල් ලබාගත හැකි ආකාරයට මෙම කර්මාන්තය සංවර්ධනය කළ යුතුයි. අපේ එම පරමාර්ථය සාර්ථක කර ගැනීමට මෙම කර්මාන්තය තුළ නවීකරණයක් සිදු කළ යුතුයි. ඒ සඳහා ඔබේ අදහස් සහ ආණ්ඩුවේ සහභාගීත්වය අවශ්‍ය වන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙක් සහභාගීවී සිටියහ.

Post Views: 5
Previous Post

ජනාධිපතිවරණය නව වසරේදී…ද ?

Next Post

තේරීම් කාරක සභාව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කැඳවයි

editor

editor

Next Post

තේරීම් කාරක සභාව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved