• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදුලි කප්පාදුවක් නැහැ….. – විෂයභාර ඇමැති කියයි

21 March 2019
in දේශීය

පවතින දැඩි උෂ්ණත්වය හමුවේ විදුලිය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිත කර ජනතාවට අපහසුතාවක් ඇති නොවන අයුරින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අපට සහාය වන ලෙසත් ඉදිරියේදී විදුලිබල ක්ෂේත්‍රයේ මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට අප අවශ්‍ය සැලසුම් සකස් කරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නොරොච්චෝල බලාගාරයේ වර්තමාන තත්ත්වය පිළිබඳ නිරීක්ෂණයට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, “නොරොච්චෝල බලාගාරයේ ඇතිවී තිබූ දෝෂය යතා තත්ත්වයට පත්කරලා තිබියදීත්, විදුලි මාෆියාවක් ඇති බවට ප්‍රචාරය කරමින්, විදුලි කප්පාදුවක් ඇතිබවට ජනතාව මුලා කරමින් විදුලිබල ක්ෂේත්‍රය කඩාකප්පල් කරන්න වැඩ කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. රටක් සංවර්ධනය කරද්දි, යම් යම් අඩුපාඩු, දෝෂ ඇතිවෙනවා. නමුත් පැය 36 ක් වැනි කෙටි කාලයක් තුලදී නොරොච්චෝල බලාගාරයේ ඇතිවූ දෝෂය යථා තත්ත්වයට පත් කරන්න සමත්වීම පිළිබදව අප සතුටු විය යුතුයි. පද්ධතියේ යම් දෝෂසහගත තත්ත්වයන් ඇතිවූ විට විදුලිය බිදවැටිම් ඇති විය හැකියි. අප ඒ තත්ත්වයන් අවම කරන්න තමයි කටයුතු කරන්නේ. නමුත් අපි විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ. ඒ පිළිබදව ජනතාව තුල යම් පිරිස් විසින් ඇතිකර ඇති අනිසි බිය නැති කළ යුතුයි. අපි මෙතෙක් හදිසි විදුලිය මිලදීගැනීමක් සිදුකළානම්, ඒ සිදුකළේ ජනතා අවශ්‍යතා ඉටුකිරීම සදහා පමණයි. මේ අවස්ථාවේදී විදුලි ඉල්ලුම වැඩිවෙලා තිබෙන නිසා සැපයුමේත් වර්ධනයක් සිදුකල යුතුයි. ඒ වෙනුවෙන් අපි විදුලිය ජනන සැලැස්ම නිසි පරිදි සකස් කරගෙන යනවා” යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 10
Previous Post

යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05ක් වගා කිරීමේ සුදානමක්

Next Post

එජාප මැයි දින රැළිය කොළඹදී

editor

editor

Next Post

එජාප මැයි දින රැළිය කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved