• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවට රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක් !

11 January 2019
in ව්‍යාපාර
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

චීනයේ මධ්‍යම රජය හා චීනයේ එස්ටේට් කවුන්සිලය එකාබද්ධව මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිත රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපය ඇති කිරීම සඳහා සාකච්ඡාවක් චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර Shen Danyang හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැත්විණි. 

ඒ, ප්‍රධාන චීන දූත පිරිසක් අද (11) දා පෙරවරුවේ බත්තරමුල්ල, සෙත්සිරිපාය ( II අදියර ), 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා හමු වු අවස්ථාවේදිය. එම දූත පිරිසට චීනයේ වාණිජ කර්මාන්ත අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් ද ඇතුළත් විය.

චීනයේ මධ්‍යම රජය හා චීනයේ එස්ටේට් කවුන්සිලය එකාබද්ධව මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිත රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපය පිළිබද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙරට රබර් වගාව ව්‍යාප්ත කිරීම මෙන්ම රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක් පිහිටුවීම හරහා ලංකාවේ රබර් අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීම හා එමඟින් වැවිලිකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම විදේශ විනිමය ඉපයීම, නව රැකියා උත්පාදනය හා රබර් නිමි භාණ්ඩ ආනයනය පාලනය ඇතුළු ප්‍රතිලාභ රැසක් මෙම ව්‍යාපෘතිය හරහා වැවිලි ක්ෂේත්‍රයට මෙන්ම සමස්ථ රටටම ලබා දීම අරමුණයි. මේ සම්බන්ධයෙන් අදාළ කැබිනට් අනුමැතිය ලැබුණු වහාම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යොදන බව අමාත්‍ය නවින් දිසානායක මහතා මෙහිදී කියා සිටියේය.

තව ද ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයට මෙන්ම සියලු සංවර්ධන කටයුතු සඳහා චීනය රජය ලබා දෙන සහයෝගය අගය කළ අමාත්‍යවරයා ඉදිරියේදීත් චීනය සමඟ සමීප සබඳතාවක් පවත්වා ගෙන යාමය අපේක්ෂා කරන බව ද පැවසීය. සියලු ද්වීපාර්ශවීය සබඳතා වැවිලි ක්ෂේත්‍රය නැංවීමට මෙන්ම රටේ සමස්ථ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට ධනාත්මකව භාවිත කිරීම සිය අරමුණ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. පසුගිය මාස කිහිපයේ රටේ පැවති දේශපාලන අස්ථාවරත්වය මේ වන විට පහව ගොස් ඇති බව ද වේගවත් සංවර්ධන ක්‍රියාදාමයකට වර්තමාන රජය අවතීර්ණ වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. මෙම අවස්ථාවට එක් වූ උප ආණ්ඩුකාර Shen Danyang මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සමඟ දිගින් දිගටම ආයෝජන සිදු කිරීමට තම රජය අපේක්ෂා කරන බවයි. චීන ශ්‍රි ලංකා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් රජයෙන් ලැබෙන සහයෝගය ද හෙතෙම අගය කළේය.

Post Views: 10
Previous Post

‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට ජවිපෙට අලාභය ගෙවන්න ලෙසට විමල්ට නියෝගයක්

Next Post

ජාතික ක්‍රිඩා විද්‍යායතනය එක්ව යෝගා වැඩමුළුවක්

editor

editor

Next Post

ජාතික ක්‍රිඩා විද්‍යායතනය එක්ව යෝගා වැඩමුළුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved