27 April 2024
#දේශීය

‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට ජවිපෙට අලාභය ගෙවන්න ලෙසට විමල්ට නියෝගයක්

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභාවේ ලියකියවිලි පදනම් කරගෙන විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් 2008 වර්ෂයේදී ජූලි මස 24 වන දින ගොනු කළ නඩුවෙහි තීන්දුව අද(11) දින කොළඹ වාණිජ අධිකරණයේදී ප‍්‍රකාශයට පත් කෙරිණි.

එහිදී පැමිණිලිකරු විසින් ඉල්ලා සිටි සියලූ සහන ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරු විසින් විත්තිකරුට නියෝග කළේය.

ඒ අනුව කෘතිය සඳහා පදනම් කරගත් ලිපි ලේඛන බුද්ධිමය දේපළ පනත යටතේ පැමිණිලිකරුට අයත් බවත්, විත්තිකරු බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීම නිසා රුපියල් මිලියන 10ක වන්දියක් පැමිණිලිකරුට ගෙවන ලෙසත්, කෘතිය මුද්‍රණය කොට අලෙවි කිරීමෙන් උපයන ලද මුදල ගණනය කොට ව්‍යවස්ථාපිත අලාභ මුදලක් ගෙවන ලෙසත්, මුද්‍රණය කොට ඇති සියලූම කෘතීන් විනාශ කරන ලෙසත්, නඩු ගාස්තු ගෙවන ලෙසත්, විත්තිකාර විමල් වීරවංශට අධිකරණය විසින් නියෝග කොට තිබේ.

මෙම නඩුවේදී සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා වෙනුවෙන් නීතිඥ පෝල් රත්නායක මහතා ඇතුළු නීතීඥයින් කණ්ඩායමක් පෙනී සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *