• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනේ

12 September 2019
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ ජනාධිපති Faure Essozimna Gnassingbé මහතා ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ටෝගෝ ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

ජනාධිපතිවරයා මෙහි දී කියා සිටියේ ටෝගෝ ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතාවල වර්ධනයට මනා රුකුලක් බවයි.

ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමග හමුවකට හෙට දිනයේ දී තමා එක්වන බව මෙහිදී පැවසු ටෝගෝ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ටොගෝ රාජ්‍යයේ නව ආයෝජන අවස්ථා සඳහා තමා එහි දී ආරාධනා කරන බවත් විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට වැඩි ආයෝජන අවස්ථා උදා කරදීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා බවත් ය.

අප්‍රේල් 21 වන දා සිදුවීම සහ එම ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමට ඉතා කෙටිකලක් තුළ ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ එක් ව ගත් සාර්ථක ක්‍රියාමාර්ග පිළිබඳ මෙහි දී ජනාධිපතිවරයා ටෝගෝ ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ ටෝගෝ ජනාධිපතිතුමා තම ප්‍රසාදය ජනාධිපතිතුමා වෙත පළ කළේය.

එමෙන් ම ඔහු කියා සිටියේ ලබන සෙනසුරාදා තම රටේ දී ආරම්භ වන ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ සම්මේලනයේ දී ත්‍රස්තවාදය මැඩලීමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ විස්තර කිරීමට තමා අපේක්ෂා කරන බවයි.

ඉතා කෙටි වුවත් ටෝගෝ ජනාධිපතිවරයාගේ ඵලදායී වූ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අප්‍රිකානු රටවල් සමඟ ආර්ථික සබදතා තර කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛ අවධානයකින් කටයුතු කරන බවයි.

දෙරට අතර සහයෝගිතාව සහ මිත්‍රත්වය මෙම සංචාරය සමඟ තව තවත් සවිමත් වනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මෙම හමුව සනිටුහන් කරමින් ටෝගෝ ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, අර්ජුන රණතුංග, රංජිත් අලුවිහාරේ යන මහත්වරුන් සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Post Views: 7
Previous Post

නාමල් රාජපක්ෂගේ විවාහය අදයි

Next Post

එජාපයේ අපේක්ෂක රනිල්මයි…. පැරදුණොත් විපක්ෂනායක්තවයට …!

editor

editor

Next Post

එජාපයේ අපේක්ෂක රනිල්මයි.... පැරදුණොත් විපක්ෂනායක්තවයට ...!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved