• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංචාරක වීසාවෙන් ඩුබායි රැකියා මැවූ උප ඒජන්ත දැලේ

18 June 2019
in දේශීය

සංචාරක වීසා යොදාගනිමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ පිරිසිදු කරන්නියන් වශයෙන් රැකියා සදහා කාන්තාවන් සිව් දෙනෙකු යැවීමට තැත්කළ උප ඒජන්තවරයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් පසුගිය 11 වනදා දින අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාර්යාංශය නිවේදනය කළේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වර්ණකුලසූරිය සුසන්ත ලක්ෂ්මන් නම් මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි. ඔහු විසින් සංචාරක වීසා මගින් රැකියා සදහා යොමුකිරීම සදහා හලාවත හා මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචි කාන්තාවන් සිව් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 2 බැගින් මුදල් ලබාගෙන ඇති අතර, ඔහු විසින්ම කාන්තාවන් ඩුබායි රටට රැගෙන ගොස් රැකියාවලට යොදවන බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය 12 වනදා දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී වරද පිළිගෙන අයකරගත් මුදල් නැවත රැකියා අපේක්ෂකයින්ට ලබාදීමට එකග වූ හෙයින් රු.10000ක මුදල් ඇප හා පුද්ගල ඇප 2ක් මත මුදාහැර තිබේ.

මෙම වැටලීම සදහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ හා කළමනාකරු (විශේෂ විමර්ශන) සහකාර පොලිස් අධිකාරී අශෝක ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි උප පොලිස් පරික්ෂක අනුරුද්ධ, පොලිස් සැරයන් ජයන්ත කුමාර හා කාර්යාංශ නිළධාරී ජාලිය හෙට්ටිආරච්චි යන නිළධාරීන් එක්වූහ.

Post Views: 36
Previous Post

කැබිනට් මණ්ඩලය රැස්වෙයි – උණුසුම්ක් අත ළඟයි

Next Post

කන්ස්ට්‍රක්ට් 2019 නිල වශයෙන් එළිදක්වයි

editor

editor

Next Post

කන්ස්ට්‍රක්ට් 2019 නිල වශයෙන් එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved