• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියළු දෙනා රටේ පොදු නීතියට අවනත විය යුතුයි – කථානායක

28 May 2019
in දේශීය

තමන් කවර ජාතියකට කවර ආගමකට කවර සංස්කෘතියකට අයත් වුවත් සියළුදෙනා රටේ පොදු නීතියට අවනත විය යුතු බවත් කිසිවෙකුට ආගම හෝ ජාතියට මුවා වී නීතිය නමන්නට හෝ උල්ලංඝනය කරන්නට නොහැකි බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

අන්තවාදී උන්මත්තකයන් සුළු පිරිසක් නිසා සමස්ත මුස්ලිම් ජනතාව පිළිබඳව අයහපත් ආකල්පයක් ඇතිකර නොගත යුතු බවත් බහුතර මුස්ලිම් ජනතාව අන්තවාදයට විරුද්ධව නැගී සිටීමට සූදානම් බවත් කෙසේ වෙතත් අන්තවාදී උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතන පාලනයටත්, බහුතර මුස්ලිම් ජනතාව එකහෙළා ප්‍රතික්ෂේප කරන ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කරන නීතිවිරෝධී විවාහ පිළිබඳව නීති ගෙන ඒමටත්, පාර්ලිමේන්තුව කඩිනමින් කටයුතු කරනු ඇති බව කථානායකවරයා පැවසීය. දැනටමත් ලංකාවට ආගන්තුක බුර්කාව වැනි විලාසිතා තහනම් කරන ලෙස මුස්ලිම් සමාජයෙන් නිතිපතා ඉල්ලීම් ලැබෙමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

කථානායකවරයා මේ බව සඳහන් කළේ අද(28) දින කොළඹ 07 මහාභාරකාර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ඩී.බී ජයතිලක ගුණානුස්මරණ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

එදා ඩී.බී ජයතිලක, ඩී.එස් සේනානායක වැනි නායකයන් සමඟ එක්ව මවුබිමේ නිදහස උදෙසා අධිරාජ්‍යවාදයට එරෙහිව කටයුතු කිරීමට මුස්ලිම් නායකයන්ද ඉදිරිපත් වූ බවත් අන්තවාදීන් සුළු පිරිසක් හැරුණු විට මවුබිමේ අභිවෘධිය වෙනුවෙන් කැප වන විශාල මුස්ලිම් ජනතාවක් වර්තමානයේ ද ත්‍රස්ථවාදයට එරෙහිව පෙරට පැමිණ ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

 

 

Post Views: 17
Previous Post

වෛද්‍ය ෂාෆි සම්බන්ධ පැමිණිලි විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සය පුද්ගල විමර්ශන කමිටුවක්

Next Post

වෛද්‍ය පරිපාලකයින්ට මාධ්‍ය හමු පැවැත්වීම ගැන දැනුම් දීමක්

editor

editor

Next Post

වෛද්‍ය පරිපාලකයින්ට මාධ්‍ය හමු පැවැත්වීම ගැන දැනුම් දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved