19 May 2024
#දේශීය #පුවත්

ආබාධිත රණවිරුවන්ට කෘත්‍රිම අත් පා ප්‍රදානය කිරීම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත කෘත්‍රිම පාද බෙදාදීමේ උත්සවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) දින රාගම රණවිරු සෙවණේදී පැවැත්විණ.

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අතර සහයෝගීතාවයෙන් ආබාධිත රණවිරුවන් වෙත කෘත්‍රිම පාද 650ක් මෙහිදී බෙදාදීම් සිදු කෙරිණ.

මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, යුද හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ, ඉන්දීය ආරක්‍ෂක උපදේශක කපිතාන් එම්. ආනන්ද් හා මෙම කෘතීම පාද හා උපාංග ලබාදීමට අනුග්‍රාහකත්වය ලබාදෙන ජායිපුර් මහාවීර් විකලාංග ආයතනයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *