19 May 2024
#දේශීය #පුවත්

පොරොන්දු බාගෙට බෑ, මැයි 9 වෙනිදා යලි වර්ජනක් ! – රවී කුමුදේශ්

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාලව ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා සකස්කරනලද තාක්ෂණික වාර්ථාව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත් නමුත්, එකඟ වූ පරිදි මෙතෙක් පොරොන්දු ඉටුවී නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ අදාළ තාක්ෂණික වාර්තා වේ කොටසක් මැයි මාසයේ වැටුපට එක් කරන බවත්, ඉතිරි කොටස ලබාදීම පිළිබඳව සති හතරක් ඇතුළත නිල දැණුම් දීමක් සිදු කරන බවත්, රජයේ එකඟතාවය වුවද, ඉතිරි කොටස පිළිබඳ කර නොමැත මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බවයි.

එසේම මැයි මාසයේ වැටුපට එකතු කරන දීමනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ ද ඇතැම් සෞඛ්‍ය සේවාවන් නොසලකා හැර තිබීම බරපතල බවත් නිල ඇඳුම් දීමනාවට සාපේක්ෂව, නිල ඇඳුම් නොලබන කාර්ය මණ්ඩලය සඳහා ලබාදීමට නියමිත දීමනා පිළිබඳවද මෙතෙක් කිසිවක් සිදු කර නොමැති බව හෙතෙම පැවසිය.

මේ පිළිබඳව සැලකිල්ලට ගෙන මැයි මස 09 වනදා සිට නැවත වතාවක් සෞඛ්‍ය සේවාව තුළ වර්ජනයක් කැඳවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බව දැනුම් දෙන බවත් රෝගීන්ට ඇතිවන පීඩාවන් සැලකිල්ලට ගෙන එම වර්ධනය අඛණ්ඩව දීප ව්‍යාප්ත ලෙස ක්‍රියාත්මක නොකොට, පළාත් වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කොට ඇති බව කුමුදේශ් මහතා අවධාරණය කලේය.

ඒ අනුව මැයි මස නව වෙනිදා උතුරු මැද පළාත තුළ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ මෙම වර්ධනය ක්‍රියාත්මක වන අතර, මැයි මස 13 වෙනිදා මධ්‍යම පළාත, දාහතරවෙනිදා සබරගමුව පළාත, පහළොස්වෙනිදා වයඹ පළාත, දාසය වෙනිදා දකුණු පළාත, විසිවෙනිදා ඌව පළාත සහ විසි එක් වැනිදා බස්නාහිර පළාත වශයෙන් ඒ ඒ පළාත්වල තිබෙන සියලුම රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ මෙම වර්ධනය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ සඳහා නිසි ප්‍රතිචාර නොමැති නම්, ඉන් අනතුරුව මැයි මස 22 වන දා සිට නැවත වතාවක් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමටද තීරණය කර ඇති බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *