පැළයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන්න ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටි. ඒ අනුව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් අතරට පැළ සිටුවීමේ නැකත ද එක් කර තිබේ.
තුන් පොකුරු යෝගය යෙදී ඇති අප්‍රේල් 15 වන සඳුදා එනම් හෙට පූර්ව භාග 11.17 ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා මෙම පැළ සිටුවීම මැනවි.