• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

11 වෙනිදා සිට ජන ජීවිතය යථාවත් වන්නේ මෙහෙමයි

7 May 2020
in දේශීය

මේවන විට දැඩි ලෙස සීමා කර තිබෙන  දිස්ත්‍රික් අතර ගමනා ගමනය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

එළැඹෙන සඳුදා (11) සිට  ක්‍රියාවට නැංවෙන ජන ජීවිතය යථාවත් කිරීමේ  රජයේ වැඩපිළිවෙළ අනුව මේ ද ක්‍රියාවට නැගෙනු ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර ඇති ආකාරයට මීට අදාළ ගැසට් පත්‍රයක් ද මේ වන විට සැකසෙමින් තිබෙන අතර   එළැඹෙන සෙනසුරාදා (09) වන විට ඒ පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කිරීමට බලධාරීන් ක්‍රියා කරනු ඇත.

ආසාදිත නොවන කලාපයක සිට ආසාදිත නොවන කලාපයකට පැමිණීම ගැටලු සහගත නොවන බවත් තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුළුවීමට හෝ ඒ ප්‍රදේශවලින් පිටවීමට හැකියාවක් නැති බවත් සෞඛ්‍ය බලධාරීන් ගේ අවධාරණය වී තිබේ.

මේ අතර 11 වැනිදා සිට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විවෘත කර පවත්වාගෙන යන ක්‍රියාවලියේදී ආයතන වෙත කැඳවිය හැක්කේ සේවකයින්ගෙන් තුනෙන් එකක් වන අතර අදාළ ආයතනයෙන් ඊට අදාළව සේවකයාගේ විස්තර සඳහන් කරන ලිපියක් සේවකයා වෙත යොමු කළ යුතු වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මුල් අවස්ථාවේදී මෙම ලිපිය සේවකයා වෙත ලබා ගැනීම අපහසු විය හැකි බැවින් ආයතනය විසින් එලෙස සකස් කරන ලද ලිපියේ ඡායාරූපයක් සේවකයාගේ ඡංගම දුරකතනය වෙත එවීමෙන් එම ඡායාරූපය මාර්ග බාධකවල රාජකාරී කටයුතු කරන පොලිස් නිළධාරීන්ට පෙන්වා ගමනා ගමනයට අවසර ලබාගත හැකි බවයි.

එසේ ගමන් කිරීමේදී අදාළ සේවකයා සතුව රාජකාරී හැඳුනුම්පත තිබීම අනිවාර්යය වන අතර ඉන්පසු  සේවා හැඳුනුම්පත සමග අදාළ ලිපියද ළඟ තබා ගැනීම අවශ්‍ය වෙයි.

 

Post Views: 11
Previous Post

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය තදුරටත් අඩු කරයි

Next Post

අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති පවසයි

editor

editor

Next Post

අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved