• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රි ලාංකිකයින්ට වෘත්තීයමය ක්ෂේත්‍ර 14ක ජපන් රැකියා අවස්ථා

18 June 2019
in සංවර්ධන

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට හෙට (19) ජපානයේදී අත්සන් තැබීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය කියා සිටියේ මෙම ගිවිසුම් අත්සන් කිරීම් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින්ය.

මෙම ගිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන අතර, එම කාලය තුලදී අසීමිත රැකියා ප්‍රමාණයක් ශ්‍රි ලාංකිකයින්ට හිමි වේ.

මෙම ගිවිසුම අනුව සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධිවර හා ජලජීවි වගාව, ආහාර පාන නිෂ්පාදනය, ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා ලැබීමට නියමිතය.

ජපානයෙන් මෙම රැකියා අවස්ථා ලොව රටවල් 9ක් සදහා ලබාදෙන අතර ඉන් 7 වන ස්ථානය ශ්‍රි ලංකාවට හිමිවීම විශේෂත්වයකි. ඉදිරියේදී ජපානයේ වෘත්තීය විශේෂඥයින් මෙරටට පැමිණ අවශ්‍ය තාක්ෂණික දැනුම ලාංකිකයින්ට ලබාදී එම පුහුණු ශ්‍රමිකයින්ට රැකියා ලබාදීම මගින් ශ්‍රි ලංකාවේ වෘත්තීය අධ්‍යාපන මට්ටම ජපානයේ මට්ටමටම උසස්වීමේ හැකියාවක්ද ලැබේ.

ජපානයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවීමත් සමගම ජපන් රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් මුදල් රැස්කිරීමේ අවදානමක් ඇතිවීමට ඉඩ ඇති හෙයින් එවැනි ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙසත් මෙම රැකියා ලබාදීමේ වැඩසටහන සම්පූර්ණයෙන්ම ජපාන රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් ගිවිසුමක් මගින් පමණක් ක්‍රියාත්මක වන බවත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දන්වා සිටි.

Post Views: 5
Previous Post

කන්ස්ට්‍රක්ට් 2019 නිල වශයෙන් එළිදක්වයි

Next Post

පරිපූරක ඇස්තමේන්තුව අස්කර ගන්නවා – සභානායක කිරිඇල්ල

editor

editor

Next Post

පරිපූරක ඇස්තමේන්තුව අස්කර ගන්නවා - සභානායක කිරිඇල්ල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved