21 September 2024

මාතලේ වගා හානි නිසා ගොවි ජනතාව පිඩාවට

කාලයක් තිස්සේ සිදු වන වන සත්ව හානිය නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීහිපයක ගොවින් අතිරේක බෝග වගාවෙන් ඉවත් වෙමින් සිටින බව ගොවි සංවිධාන නියෝජිතයෝ කියයි.

මැතිවරණයට බයෙන් නැති බිල්ලෝ මවාපානවා – මහලේකම් සාගර

පළාත් පාලන ඡන්ද විමසීමට අදාල දින නියම කරන බවට මැතිවරණ කොමිසම පැහැදිලිවම රටට ප්‍රකාශයක් කර තිබියදී මේ රටේ ඇතැම් දේශපාලන පක්ෂ ඡන්දයට මුහුණදීමට බියෙන් ඒ පිළබඳව නැති බිල්ලෙක් මවා පෑමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් ,පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ අයදුම් පත් කැඳවීමේ අවසන් දිනය දෙසැම්බර් 23 දා

2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වනදායින් අවසන් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවතට – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ගම්පහ සුදානම් කරන්න ඇමැති ප්‍රසන්න සුදානම්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව දිස්ත්‍රික් නායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අද (20) භාර දී ඇත.

බිමත්ව සිටි අයෙක් දුම්රියට පැන සියදිවි නසා ගනි

උයිලංකුලම, මැදවච්චිය තලෛමන්නාරම ප්‍ර දේශයේ ඊයේ (19) රාත්‍රියේදී අනුරාධපුර සිට තලෛමන්නාරම දක්වා ධාවනය වු දුම්රියට පැන අයෙකු සියදිවි නසා ගෙන ඇති බව පොලිසිය පවසයි.

උතුරු මැද පලාතේ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම ගැන සාකච්ඡාවක්

උතුරු මැද පලාතේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සාකච්ඡාවක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්විණි.

රජයේ ඒකාබද්ධ අරමුදලටරුපියල් බිලියන 02ක පරිත්‍යාගයක් – ජනාධිපති මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනැමුණු රුපියල් බිලියන 02කට අදාළ චෙක්පත ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර‍ දෙනු ලැබිණි.