2024 වසරේදී ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයකට ගියේ නම් රට මෙවැනි තත්ත්වයකට පත් නොවන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
දේශපාලන ක්‍රියාවලියේ සිදුවූ අනුපිළිවෙළෙහි වෙනස රටේ වත්මන් තත්ත්වයට බලපා ඇති බව පෙන්වා දෙන ඔහු, “2024 දී ජනාධිපතිවරණයකට නැතුව මහ මැතිවරණයකට ගියා නම්, අපි මේ වගේ රට කාලකන්නි වෙන්න දෙන්නෙ නෑ” යනුවෙන් ප්‍රකාශ කළේය. ජනතාවගේ නියමිත නියෝජනය සහ පාලන තන්ත්‍රයේ ස්ථාවරත්වය තහවුරු කිරීමට මහ මැතිවරණයක් ප්‍රමුඛ විය යුතුව තිබූ බව ඔහුගේ අදහස වී තිබේ.














