27 April 2024
#දේශීය

21 වනදා රටක වඩා වැදගත් ආරක්‍ෂක ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා – ඇමැති පාඨලි

ලබන 21 වන දින ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල ත්‍රිවිධ හමුදාවේ හිටපු වැදගත් යුධ නිලධාරීන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමඟ එක්ව වැදගත් ප‍්‍රතිපත්ති මාලාවක් රටට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල පැවති මෙගා මයින්ඞ්ස් වැඩසටහනකට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට රටට වැදගත් හා බලගතු කාරණා කාරණා හතරක් සම්බන්ධයෙන් අපගේ දැනුවත් සමාජ ක්‍රියාකාරීන් උනන්දුවෙන බවයි. ඒ ජාතික ආරක්‍ෂාව පිළිබඳ කාරණය, ආර්ථිකය, පොදුවේ සමාජය, ඒ වගේම පරිසරය කියන කාරණා හතර ගැන බව ද හෙතෙම පැවසිය.

එහිදී වැදගත් කරුණු දෙකක් තිබෙන අතර ඉන් එකක් තමයි ආරක්‍ෂක මෙහෙයුම් බවත් අනෙක තමයි ජාතික ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය බව රණවක අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලි චම්පික මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” නමුත් වඩා වැදගත් දේ නම් ජාතික ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය වන අතර රටක ජාතික ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය හදන්නේ අඩි පහයි අඟල් තුනයි පපුව 32 තිබෙන අය පමණක්ම නෙමෙයි, ඒ සඳහා අවශ්‍යයි ඉතාම වැදගත් තාක්ෂණික මොළ. ඒ සඳහා අවශ්‍යයි නවීන තාක්ෂණයත් සමග එකට ගැටගැහිච්ච විදේශ ප‍්‍රතිපත්ති, විදේශ බලවේගවල හැසිරීම ගැන දන්නා අය. කලාපීය පැත්තෙන් මෙන්ම ගෝලීය පැත්තෙන්. කලාපීය පැත්තෙන් ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය ලංකාව මේ අතරේ තිබෙන ගැටළු. ගෝලීය පැත්තෙන් එක්සත් ජනපදය, ජපානය, දකුණු කොරියාව අතර රටවල් අතර තිබෙන ප‍්‍රශ්න අපි දන්නවා අද තිබෙන ගැටළු. අපි දන්නවා මොනවද අද මැදපෙරදිග වෙමින් තිබෙන්නේ කියලා. ඇමරිකා එක්සත් ජනපදයත් චීනයත් අතරේ අද වෙළෙඳ යුද්ධයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම අපේ මිත‍්‍ර රටවල් දෙකක් දකුණු කොරියාවත් ජපානයත් අතරේ වෙළෙඳ යුද්ධයක් ඇති වී තිබෙනවා. පසුගියදා ඇති වූ කාශ්මීර ගැටළුවත් සමග ඉන්දියාව හා පාකිස්ථානය අතර තිබූ සාම්ප‍්‍රදායික ගැටළුව උග‍්‍ර උනා. මේ සියල්ල සලකා බලමින් සහ නූතන තාක්ෂණික කි‍්‍රයාවලිය සලකා බලමින් තමයි ජාතික ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය සැකසෙන්නේ” යැයි පැවසීය

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *