27 April 2024
#සංවර්ධන

යාපනය රු. මිලියන 80 ක පොකරු නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභි අයිතියට

අභ්‍යන්තර අවතැන්වූවන් සහ නැවත පදිංචියට පැමිණෙන සරණාගතයින් සදහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන යටතේ යාපනය කල්උන්ඩායි පොකුරු නිවාස ව්‍යාපෘතිය අද (16) ප්‍රතිලාභි අයිතියට පවරනු ලැබීය.

සන්දිලිපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කල්උන්ඩායි ග්‍රාමයේ රුපියල් මිලියන 80 ක වියදමින් ඉදිකළ නිවාස 80 කින් යුත් පොකුරු නිවාස ව්‍යාපෘතිය ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිලාභි අයිතියට පැවරීම සිදු කෙරිණි.
මෙම නිවාස වැඩසටහනට සමගාමීව පානීය ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම්, අභ්‍යන්තර මාර්ග, වීදි ලාම්පු ඇතුළු යටිතල පහසුකම් සපයා දීමට කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිතරන්, සන්දිලිපායි ප්‍රාදේශීය ලේකම් යශෝදා උදයකුමාර් යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ .

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *