27 April 2024
#දේශීය

ධිවර ප්‍රජාවගේ සංවර්ධනයට අයවැයෙන් මිලියන 3000ක් – ඇමැති ඩග්ලස්

මෙවර අයවැයෙන් ධීවර ප්‍රජාවගේ සංවර්ධන කටයුතු උදෙසා ධීවර අමාත්‍යාංශයට රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇති බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඊයේ (17 ) දින පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ලබන 2022 වසරේදී හෙක්ටයාර් ලක්ෂ 02ක් ජලාශවල මිරිදිය මත්ස්‍ය වගාවට පහසුකම් සලසන බවත් මේ අනුව මිරිදිය ජලාශ වල මත්ස්‍ය පැටවුන් මිලියන 196ක් තැම්පත් කරන බවද ඒ තුලින් රුපියල් මිලියන 18000ක වටිනාකමින් යුත් මෙට්ට්‍රික් ටොන් 125000ක් පමණ වන මත්ස්‍ය අස්වැන්නක් නෙලා ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

උතුරු පළාතේ ධීවර ජනතාවට ධිවර වරායන් ඇතුළු ස්ථිර සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්, දියවර දිරිය ණය යෝජනා ක්‍රමය මගින් ධීවර ජනතාවට අවශ්‍ය ණය ලබා දීමට කටයුතු කරන බවද පැවසූ අමාත්‍යවරයා බහුදින යාත්‍රා වලට VMS ආම්පන්න සැපයීම හා මිරිදිය හා කරදිය තුළ සිදු කල හැකි ඉස්සන් වගාව හා අනෙකුත් මත්ස්‍ය වගාවන් දියුණු කිරීමට අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කොට ධිවර ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම වෙනුවෙන් විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවද ප්‍රකාශ කර සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *