27 April 2024
#සංවර්ධන

රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණික බීජෞෂණ මධ්‍යස්ථානය විවෘත වේ

නව නිපැයුම්කරුවන්ගේ නව නිපැයුම් ඉදිරියට ගෙනයාම අරමුණු කරමින් රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද තාක්ෂණික බීජෞෂණ මධ්‍යස්ථානය (Southern Technology Incubation Centre) නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වනදා දින විවෘත කෙරිණි.

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සහ රුහුණු විශ්ව විද්‍යාලය ඒකාබද්ධව ඉදිකෙරුණු මෙම මධ්‍යස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන ලදි.

මෙම මධ්‍යස්ථානය නව නිර්මාණකරුවෙක්ට වෙන් වෙන් වශයෙන් තමන්ගේ කාර්යයන් පහසුවෙන් කරගැනිමට අංශ ත්‍රිත්වයකින් සමන්විත විය. Mechanical Workshop, Prototype Lab, Incubation Secretariat and Talent Co – Creation Lab ලෙස අංශ වෙන් කර තිබේ. මෙම තාක්ෂණික බීජෞෂණ මධ්‍යස්ථානය මගින් දකුණු පළාතේ පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, නව නිපැයුම්කරුවන්ට තමන්ගේ නව නිර්මාණ, සංකල්පයේ සිට එය නිෂ්පාදනය කර වාණිජකරණය කිරිමේ මට්ටම දක්වා ගෙනයාමට හැකියාවක් පවතී. නිර්මාණකරුවන්ට ඔවුන්ගේ නව අදහස්, අත්හදාබැලීම්, තාක්ෂණික කටයුතු සහ නිර්මාණ කටයුතු සාර්ථක කර ගැනීමට මනා පිටිවහලක්වනු ඇති.

මෙම අවස්ථාව සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුජීව අමරසේන, මහාචාර්ය පී.ඒ.ජයන්ත, නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය එන්.එම්.එස්. සිරිමුතු , තාක්ෂණික බීජෞෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ජේ. ඒ. පි බෝධික ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *