27 April 2024
#Uncategorised

ඖෂධ ප්‍රවාහන ලොරි රථ 9 ක් දිස්ත්‍රික්ක 9 කට බෙදා දෙයි

මෙරට සෞඛ්‍ය පද්ධතිය ඉහල නැංවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය දායකත්වයෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා අධි ශීතකරණ පහසුකම් සහිත ඖෂධ ප්‍රවාහන ලොරි රථ 9 ක් බෙදාදීම සෞඛ්‍ය අමාත්‍යංශ පරීශ්‍රයේදී ඊයේ (09) සිදුවිය.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙනි. ඖෂධ ප්‍රවාහනය සඳහා විශේෂයෙන්ම සකසා ඇති මෙම ලොරි රථයක් රුපියල් ලක්ෂ 105 ක් වන අතර මේ සඳහා රුපියල් ලක්ෂ 945 ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වැය කර ඇත.

මෙම ලොරි රථ අනුරාධපුර, පොලොන්නරුව, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොනරාගල යන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාවලට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ගැණිනි.

මෙම බාරදීම සංකේතවත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා විසින් බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පරිපාලන නිලධාරී රොහාන් වීරකෝන් මහතා වෙත අදාළ ලොරි රථයේ යතුරු බාරදීම සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ,අතිරේක ලේකම් ඩී.එල්.යු පීරිස්, සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක, ප්‍රවාහන අධ්‍යක්ෂ එච්.ඒ.එස් දිසන්ත යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *