27 April 2024
#දේශීය

පිස්සෙකුට රට බාර දෙන්න එපා… දැක්මක් ඇති එජාපයට දෙන්න – එජාප මහලේකම් කියයි

රට ගොඩනැගීමට දැක්මක් ඇත්තේ සමගි ජනබලවේගයට නොව එක්සත් ජාතික පක්ෂයට බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මහලේකම්වරයා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය  හමුවට එක්වෙමිනි. අද සමස්ත රටම විනාශ කර අවසන් වන ඇති බවත් ජිවන වියදම ඉහළ ගොස් ඇති බව හෙතෙම පැවසිය.

පලපුරුද්ද, දක්ෂකමක්, ජාත්‍යන්තර සම්බන්ධතාවයක් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මහලේකම්වරයා ප්‍රකාශ කලේය.

පිස්සෙකුට රට භාර දෙනවානද දැනුමත් ඇති රට ගොඩ නගන්න පුළුවන් කෙනෙකුට මේ රට භාර දෙනවාද යන්න ජනතාව තීරණය කල යුතු බව රාංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *