2026.09.01 දින උදෑසන රාගම පොලිස් වසමේ පොඩිවීකුඹුර ප්‍රදේශයේදී වැලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 150ක් (බෝතල් 200ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 57ක් වන ඇටකොරව, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, රාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














