අනුරාධපුර පොලිස් වසමේ, මාන්කඩවල වැව අසල මාර්ගයේදී 2026 සැප්තැම්බර් 01 දින උදෑසන තියුණු ආයුධයකින් පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට අනුරාධපුර පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 47ක් වූ යාය 05, අනුරාධපුර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අවුරුදු 31ක් වන එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














