රජයේ ඒකාබද්ධ රියදුරු සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පවත්වා අවසන් කර තිබේ.
රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියට අනුකූලව විභාග දෙපාර්තමේන්තුව හරහා පැවැත්වෙන මෙම පොදු විභාගයේ සම්මුඛ පරීක්ෂණ පසුගිය 10 සහ 11 යන දිනවලදී ක්‍රියාත්මක වූ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අපේක්ෂකයින් විශාල පිරිසක් මීට එක්වී සිටියහ. ඉන් සුදුසුකම් ලබන 545 දෙනෙකු සේවය සඳහා තෝරා ගැනීමට නියමිත අතර, විධිමත් අයුරින් මෙම පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව සහභාගී වූ පිරිස රජයට සිය ප්‍රසාදය පළ කර ඇත.














