නිවාස බිඳීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අන්තර්ජාල අවේක්ෂණ හා විමර්ශන ඒකකය මඟින් තණමල්විල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රාජගිරිය ප්රදේශයේ නිවසක් බිඳ කාන්තාවකගේ ජංගම දුරකථනයක් සහ රුපියල් 25,000ක මුදලක් සොරකම් කර, ඇය නිදා සිටින අයුරු වීඩියෝගත කර ඇයගේ දුරකතන අංක වෙත යොමු කර පළාගොස් තිබූ සැකකරු සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව CID වෙත පැවරුණු විමර්ශන හරහා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.














