“ජන පීඩක ආණ්ඩුවේ රුදුරු බල බිඳින ජනසටන” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතා ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගරසභා ක්‍රීඩාංගණයේදී මේ වන විට ආරම්භ වී තිබේ.
ආණ්ඩුවේ ජනපීඩක ප්‍රතිපත්ති සහ ගොවි ජනතාව ඇතුළු ජනතාවට දුන් පොරොන්දු කඩ කිරීමට එරෙහිව ජනමතයක් ගොඩනැගීමේ අරමුණින් මෙම රැලිය සංවිධානය කර ඇති අතර, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ ක්‍රියාකාරීන් රැසක් මීට එක්ව සිටිති.














