ඔක්තෝබර් 1 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත “කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකා රේගුව සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම නවීකරණ වැඩපිළිවෙළ සහ රේගුවේ තාක්ෂණික සූදානම පිළිබඳව මෙහිදී IMF නියෝජිතයින් වෙත පුළුල් පැහැදිලි කිරීමක් කර ඇති අතර, එය අගයමින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙනය යාම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට ඔවුන් එකඟතාව පළ කර ඇත. ජනාධිපති කාර්යාලයේ සහ රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම IMF නියෝජනය කරමින් ඩිනාර් ප්‍රිහාර්ඩිනි (Dinar Prihardini) සහ ක්ලැකොව් අකෙපන්නිඩ්ටවෝන් (Klakow Akepannidtaworn) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.














